වීරකැටිය මැදමුලන ඩි.ඒ රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරිමේ ව්‍යාපෘතිය ක්‍රියාක්මක කිරීම මගින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු දණ්ඩ නීති සංග්‍රහයේ හා පොදු දේපළ පනත යටතට ගැනෙන වැරැදි සිදු කර ඇතැයි නීතිපතිවරයා තමන්ට උපදෙස් ලබා දුන්නේ යැයි මුල්‍ය අපරාධ කොට්ඨාසය පෙරේදා (25) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රි රාගල මහතා වෙත කරුණු දැක්වීය.
තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා දැනටමත් සැකකරුවන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇති බව දන්වා සිටි මුල්‍ය අපරාධ කොට්ඨාසය එම පෙත්සමේ නියෝගයෙන් අනතුරුව තමන් නීතිය ක්‍රියාත්මක කරන බවට මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ පවසා සිටියේය.
මෙම සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.
මේ අනුව මෙම සැකකරුවන් විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති හා 1982 අංක 12 දරණ පොදු දේපළ පනත ගැනෙන වැරැදි සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් මුල්‍ය අපරාධ කොට්ඨාසය වෙත දැනුම් දී ඇති බවට මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත දැන්වීය.
වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන නොමැති අතර විරකැටිය ප්‍රාදේශීය සභාවෙන් ද අවසර ලබාගෙන නොමැති බවට මුල්‍ය අපරාධ කොට්ඨාසය වැඩිදුර වාර්තාවක් මඟින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රි රාගල මහතා වෙත දැනුම් දී තිබිණ.
මෙම විමර්ශනයට අදාළව නීතිපතිවරයා අවස්ථා කිහිපයක දී ලබා දුන් උපදෙස් අනුව විමර්ශන පැවැත් වු බව පවසන මුල්‍ය කොට්ඨාසය නාවික හමුදාව විසින් ඩි.ඒ රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය ගොනු සිය භාරයට ගත් බවත් එහිදි අනාවරණය වුයේ මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රම දායකත්වය ලබාදීම එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් වාචික උපදෙස් හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ එවකට හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා මහතා කළ ලිඛිත ඉල්ලීමකට අනුව සිදු කර ඇති බවය.
ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් පරිභාහිර ආයතනයක ව්‍යාපෘතියක් සිදු කිරීමේ දි දෙපාර්ශවය අතර මුලික සාකච්ඡාවක් පවත්වා ඉන් පසුව දෙපාර්ශවයේ එකඟතාව මත ගිවිසුමක් සකස් කර ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙනුවෙන් එහි සමාන්‍යාධිකාරිතුමා ද, සේවා ලාභියා වෙනුවෙන් එම ආයතනයේ වගකිව යුතු නිලධාරියකු අත්සන් කළ යුතු බවත් අනතරුව මුලික වශයෙන් අත්තිකාරම් මුදලක් ලබා ගැනීමෙන් අනතුරුව ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඉතිරි මුදල් කොටස් වශයෙන් අයකර ගන්නා බවට එම සංස්ථාවෙන් කරුණු අනාවරණය වුවත් මෙම ව්‍යාපෘතියේ දී එවැනි සාකච්ඡාවක් ලිපි හුවමාරුවක් හෝ ගිවිසුමකට එළබීමක් සිදු කර නොමැති බවට කරුණු අනාවරණය වන්නේයැයි මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණ.
මෙම ව්‍යාපෘතයේ ඩි.ඒ රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරිම සදහා වීරකැටිය ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා ගෙන නොමැති බවට එම ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරි අන්තෝනිගේ ගුණතිලක නැමැත්තාගේ ප්‍රකාශ අනුව අනාවරණය වන බවට වාර්තාවේ සඳහන්ය.
ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගේ ප්‍රකාශ අනුව මෙම ව්‍යාපෘතිය සදහා කැබිනට් අනුමැතියක් ද ලබාගෙන නොමැති බවත් එසේම මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගෙවිම් කටයුතු සිදු කිරීමේ දී මුල්‍ය රේගුලාසි උල්ලංඝනය කරමින් ගෙවිම් කටයුතු සිදු කර ඇති බවට ද කරුණු අනාවරණය වන බවට මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත දැනුම් දුන්නේය.
තවද මෙම ව්‍යාපෘතිය ආරම්භ අවස්ථාවේ දි කිසිදු සේවාලාභියෙකු පැහැදිලිව ඉදිරිපත් නොවීම හේතුවෙන් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවේ නීති අංශයෙන් නිසි අධික්ෂණයකට ලක්කර නොමැති බවත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථවේ ජලාපවාහන හා ගොඩකිරීම් අංශය මගින් නීති අංශයෙන් කිසිදු ඉල්ලීමක් නොකළ බැවින් අධික්ෂණයක් නොකළ බවට එම ආයතනයේ නීති නිලධාරින්ගේන් කළ ප්‍රශ්න කිරීම්වල දි අනාවරණය වු බවට වාර්තාවේ .
ඉඩම් ගොඩකිරීමේ සංස්ථවේ එවකට සභාපති හර්ෂාන් ද සිල්වා මහතාගේ උපදෙස් අනුව (2013/9/13 ) එම ව්‍යපෘතියට අදාළ ප්‍රමාණ පත්‍රය සකස් කළ බවත් එසේ සකස් කිරීමේ දී භුමියේ පරික්ෂාවක් සිදු නොකළ බවත් එමෙන්ම ශ්‍රම දායකත්වය නාවික හමුදාව ලබාදෙන බවට සභාපතිවරයා පැවසිම හෙුතුවෙන් එම ප්‍රමාණ පත්‍රයට ශ්‍රම දායකත්වය ද ඇතුළත් කළ නොමැති බව සඳහන්ය.
මෙම ගෙඩනැගිලි සැලැස්ම වර්ග අඩි 1000ක් පමණ වන බවත් මෙම ඩි ඒ රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම් ව්‍යාපෘතිය වැඩබිම පරික්ෂා කිරීම සඳහා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සභාපති හර්ෂාන් ද සිල්වා හා ඉංජිනේරු ඒෂණ රනවක මෙන්ම හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පැමිණි ඇති බවට කරුණු අනාවරණය වී ඇත.
වර්ෂ 2015/8/4 දින රාජපක්ෂ අනුස්මරණ අධ්‍යපනික සංස්කෘතික හා සමාජ සේවා පදනමේ ලේකම් විසින් මෙම ව්‍යාපෘතියට වැය වු මුදල් ඉඩම් ගොඩකිරිමේ සංස්ථාවට ලබාදන ලෙසට ඉල්ලිමක් කර ඇති බවට ද කරුණු අනාවරණය වේ.
මෙම විමර්ශනයට අදාල නඩුවේ නිතිමය කරුණු අභියෝගයට ලක් කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝධාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරනයේ 391/17 යටතේ නඩුවක් පවරා ඇති බවත් එහි අතුරු තහනම් නියෝගයක් ලබන පෙබරවාරි මස 15 දක්වා නිකුත් කර ඇති බව දැන්වු මුල්‍ය අපරාධ කොට්ඨාසය එහි නියෝගයෙන් අනතරුව නීතිපතිවරයාගේ උපදෙස් අනුව ක්‍රියා කරන බවට අධිකරණයට දැනුම් දුන්නේය.
ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ 2013,2014 හා 2015 වර්ෂවලට අදාළ වාර්ෂික අවසන් ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරිමට ඇති බවත් විමර්ශන සිදු කර වාර්තා කිරීමට ඉදිරි දිනයක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.