ජ.වි.පෙ. මන්ත්‍රී පොලිසියට තඟ දමා හිරේ වැටෙයි

සපුගස්කන්ද අපරාධ අංශයේ ස්ථානාධිපතිට තර්ජනය කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

නමුත් මන්ත්‍රීවරයා පවසා සිටින්නේ සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් ප්‍රදේශයේ තරුණයෙකු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී තමාට ඉතා බරපතළ ලෙස පහර දුන් බවයි.

කෙසේ වෙතත් තුවාල ලබා සිටින මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන් විසින් රාගම රෝහල වෙත රැගෙන යමින් සිටින අවස්ථාවේ දී මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත මෙම අදහස් පළ කළ ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක රැළියක් කිරිබත්ගොඩ නගරයේ ඊයේ සවස පවත්වා ඇති අතර එය නිම වීමෙන් අනතුරුව මන්ත්‍රීවරයාට සපුගස්කන්ද පොලිසියේ ඉතා අමානුෂික පහර දෙන බව දැන ගැනීමට ලැබුණු බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

මෙම සිදුවීම ඉතා පැහැදිලිව අමානුෂික ක්‍රියාවක් බවත්, තම ආසනයේ පදිංචි තරුණයෙකුට පොලිසියෙන් පහර දී ඇති අතර එම තරුණයා රෝහල් ගත කරන ලෙස පැවසීමේ දී පොලිසියෙන් තම රාජකාරියට බාධා කරන බව සඳහන් කරමින් රන්වල මහතාට මෙලෙස පහර දී ඇති බවත් ඔහු ඉතා වේදනාවෙන් සිටින බවත් ජයසිංහ මහතා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ද ඔහු පොලිස්පතිවරයාගේ ඉල්ලීමක් කර සිටියේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.