මහින්දට-ගෝඨාභයට එරෙහිව අපරාධ නඩු පැවරෙයි

ජනාධිපතිවරණ සමයේ දී (2015) ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයට අයවිය යුතු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා ඇතුළු නොතීසි ලත් පාර්ශ්වයන්ට අපරාධ නඩු පවරන ලෙස හා රක්නා ලංකා සමාගම සහ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම අදාළ සිදුවීම්වල දී සිදුවු මුදල් අවභාවිතයන් වෙනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නොතීසි ලත් පාර්ශ්වයන්ට අපරාධ නඩු පවරන ලෙස බරපතළ වංචා දුෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව සිය වාර්තාව මගින් නිර්දේශ කර ඇත.

වංචා දුෂණ හා රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධ සිද්ධින් 34ක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු රැසකට එරෙහිව නඩු පවරන ලෙස මෙම කොමිෂන් සභා වාර්තාව නිර්දේශ කර තිබේ.

බරපතළ වංචා දුෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පෙරේදා (23දා) පාර්ලිමේන්තුවේ දී සභාගත කළ අතර එම වාර්තාවේ මෙම නිර්දේශ සඳහන් වේ.

වරාය නීතිගත සංස්ථාවේ මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් හිටපු ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු 5කට චෝදනා එල්ලකර ඇති අතර හිටපු නිවාස ඉදිකිරීම් ඇමැති විමල් විරවංශ මහතා ඇතුළු පිරිසකට අමාත්‍යංශ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දුෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා ඇතුළු 6කට චෝදනා එල්ලකර තිබේ.

එමෙන්ම හිටපු ඇමැතිවරුන් වන විමල් වීරවංශ, ප්‍රියංකර ජයරත්න, බැසිල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, සරත් කුමාර ගුණරත්න, මහින්ද යාපා අබේවර්ධන මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මුදල් අමාත්‍යාංශ ලේකම් පී බී ජයසුන්දර යන පිරිස මෙන්ම පළාත් සභා නියෝජිතයන් වන ධනසිරි අමරතුංග, රේණුක පෙරේරා, සහ රාජ්‍ය නිලධාරීන් වන සුජාතා දමයන්ති, නිශාන්ත වීරතුංග, ප්‍රියාත් බන්දු, ඇතුළු පුද්ගලයන් රැසකට ද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මෙම වාර්තාවේ සඳහන් වේ.

මීට අමතරව පසුගිය රාජ්‍ය සමයේ සිදුවු තවත් දුෂණ වංචා සම්බන්ධයෙන් මෙම වාර්තාවේ කරුණු දක්වා ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *