මගේ ෆොටෝ එක අයිති පොහොට්‌ටුවටයි – ප.ප.වි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්‍ෂ කියයි

හැමෝටම මගේ ෆොටෝ එක ඕන වුණත්, මගේ ෆොටෝ එක අයිති පොහොට්‌ටුවට පමණයි” යෑයි ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

කොළඹ, සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ ඊයේ (2 දා) පැවැති ඒකාබද්ධ පොදුජන පෙරමුණේ පොහොට්‌ටුව ලකුණින් තරග වදින අපේක්‍ෂක, අපේක්‍ෂිකාවන් සහභාගි වූ සමුළුව අමතමින් හිටපු ජනාධිපතිවරයා එසේ කියා සිටියේය.

මෙහිදී ඒකාබද්ධ පොදුජන පෙරමුණේ මහජන සම්මුතිය එළිදැක්‌වුණු අතර එම සම්මුතිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පළමුව මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ටත්, පොදුජන පෙරමුණට අයත් පක්‍ෂ නායකයන්ටත් පිළිගන්වන ලදී.

ඒකාබද්ධ පොදුජන පෙරමුණින් පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් ලබාදුන් ප්‍රතිඥවට අනුව කටයුතු කළ යුතු බවත්, මෙම මැතිවරණය අපේක්‍ෂකයන් අතර තරගයක්‌ නොව රටේ සම්පත් විකුණනවාට, මැතිවරණ කල් දානවාට විරුද්ධව කරන සටනක්‌ හා බදු බරට විරුද්ධව කරන සටනක්‌ බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කීවේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *