පොහොට්‌ටුවේ අපේක්‍ෂකයන්ගේ ප්‍රතිඥා දීම අද; කාන්තාවන්ට කුරහන් පාටින් ඇඳගෙන එන්න කියයි

පළාත් පාලන මැතිවරණයට තරග වදින ශ්‍රී ලංකා පොදු ජන පක්‍ෂයේ සියලුම සාමාජිකයන් අද (02) සවස 2.00 ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිඥාවක්‌ ලබාදීම සඳහා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණීමට නියමිතය.

මෙයට සහභාගි වන අපේක්‍ෂකයන් ජාතික ඇඳුමෙන් සැරසී පැමිණිය යුතු අතර කාන්තාවන් කුරහන් පැහැති සාරිවලින් සැරසී පැමිණිය යුතු බව දන්වා ඇත.

මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයන් ප්‍රතිඥාව දීමට අමතරව හිටපු ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පමණක්‌ ඔවුන් ඇමතීමද සිදු කෙරේ.

මෙම අවස්‌ථාවට ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල රැස්‌වීම ලබන 06 වනදා පැවැත්වීමට නියමිත අතර පක්‍ෂයේ රැස්‌වීම් දිස්‌ත්‍රික්‌කයට 02 බැගින් සෑම දිස්‌ත්‍රික්‌කයකම පැවැත්වීමට තීරණය කර ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.