2017 වර්ෂය තුළ පල්ලම පොලීසියේ දුෂණ මර්ධන ඒකකය විසින් සිදු කරන ලද වැටලීම් 442 ක සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී දඩ මුදල් ලෙස රුපියල් 60,22,500.00 ක මුදලක් රජයට අය කර දෙමින් සුවිශේෂී වාර්තාවක් තබා ඇත.
මෙහිදී නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය කිරීම, ළඟ තබා ගැනීම සහ අලෙවි කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් 271 දෙනෙකුව පල්ලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ගෝඩා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් නඩු 58 ක් පවරා ඇති ඇත. ඔවුන්ට අධිකරණය විසින් රුපියල් 36,63,000 ක දඩ මුදලක් නියම කර ඇත.
ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් නඩු 28 ක් පවරා ඇති අතර, හෙරෝයින් මත් කුඩු ළඟ තබා ගත් පුද්ගලයින් 05 දෙනෙකුව අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත. ගංජා සහ හෙරෝයින් ළඟ තබා ගෙන සිටි සැකකරුවන්ට විෂ මත්ද්‍රව්‍ය ආඥා පනඅනුව නඩු පවරා ඇත.එම සැකකරුවන්ට රුපියල් 1,74,000 ක දඩ මුදලක් නියම වී ඇත.
බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් 39 දෙනෙකුවද, මැටි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් 14 දෙනෙකුවද, බොරළු ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් 03 දෙනෙකුවද, පස් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් 02 ක් ද, පල්ලම පොලීසියේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ට භූ විද්‍යා පතල් හා කැණීම් පනත යටතේ නඩු පැවරීම හේතුවෙන් අධිකරණය විසින් රුපියල් 20,05,000 ක දඩ මුදලක් නියම කර ඇත.
වෙනත් වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 22 කුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට රුපියල් 1,80,500 ක දඩ මුදලක් නියම කර ඇත.
පල්ලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසිත ලක්රුවන් මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම් සිදු කර ඇත.