අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශයක් සිදු කරන අතරතුර විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කිරීමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක් අද(10) පාර්ලිමේන්තුවේ හටගෙන ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කථාව ආරම්භ වීමත් සමඟ “හොරා හොරා මහ බැංකු හොරා”,”හොරා හොරා මහ බැංකුව කඩපු එකා” යැයි කියමින් ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් පාර්ලිමේන්තු සභාගර්භය මැදට පැමිණ දිගින් දිගටම විරෝධතා දක්වා ඇත.
අප වාර්තාකරු පවසා සිටියේ, විරෝධතා පුවරු රැගත් විපක්ෂයේ මන්ත්‍රීවරු සභගර්භය මධ්‍යයේ ආරම්භ කළ විරෝධතාවයට පසුව ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී තිබේ.
මෙහිදී මැති ඇමතිවරු පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවත් ඉතා අශෝභන ආකාරයෙන් හැසිරුණු ආකාරයත් ජංගම දුරකථනයක පටිගත වී ඇත.
විරෝධතාවයට එක් වී සිටි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් හා එක්බද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ බහින්බස් වීම දරුණු තත්ත්වයක් දක්වා වර්ධනය වු අතර එය සමතයකට පත් කිරීමට අග්‍රාමාත්‍යවරයාට ද මැදිහත් වීමට සිදු විය.
කෙසේ වෙතත් ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාට සුළු සීරිම් තුවාල සිදුවි ඇති අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඔහුට ප්‍රතිකාර කර තිබේ.
මේ අතර ඇති වු කලහකාරි තත්ත්වයට මුහුණ දුන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන ක්ලාන්තගතියක් ඇති වී බිම හාන්සි වී ඇත.