විශ්වාසභංගයට පෙර රනිල් අගමැතිකමින් ඉල්ලා අස්විය යුතු බවට යෝජනාවක්

බැඳුම්කර ජනාධිපති කොමිසමෙන් චෝදනා එල්ල වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට පෙර ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අග්‍රමාත්‍යවවරයා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් ද සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවයි.

මේ අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට වහාම එම ධුරයෙන් ඉවත් වන ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන වීරකුමාර දිසානායක, හිටපු ඇමති පියසිරි විජේනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෝමවීර චන්ද්‍රසිරි යන මහත්වරුන් නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.

එංගලන්තයේ කෝච්චියක් පෙරළුනත් අදාල ඇමතිවරයා ඉල්ලා අස්වන්නේ යයි වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය නිරතම අගය කරන එක්සත් ජාතික පක්‍ෂ නායකයා දැන් කල යුතු වන්නේ බැදුම්කර චෝදනාව අධිකරණය හමුවේ විභාග වී අවසන් වන තෙක් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පියසිරි විජේනායක මහතා ප්‍රකාශ කලේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *