ආහාර ද්‍රව්‍ය මිල ඉදිරි දෙමසේ තව අඩුවන බවට අගමැතිගෙන් ඉඟියක්

ඉදිරි මාස දෙකේ දී ආහාර ද්‍රව්‍ය මිල තවත් අඩුවෙන බවට ඊයේ (05) ඉඟියක් ලබාදුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ දී පාරිභෝගිකයන්ට හිඟයකින් තොරව සහන මිලට සුලබව ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන බව ප්‍රකාශ කළේය.

ජීවන වියදම් කමිටුව, සතොස, පෞද්ගලික අංශය ඒකාබද්ධව ආහාර ද්‍රව්‍ය මිල අඩු කිරීම සඳහා ඉකුත් මාස කිහිපයක මුළුල්ලේ සිදුකරගෙන පැමිණි වැඩපිළිවළක ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගිකයන්ට මේ අවස්ථාව රජය උදාකර දෙන බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ලෝකයේ ප්‍රචලිත අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා වාසීන්ට හුරුකරදීමටත් රජය ඉදිරියේ දී ගැනීමට නියමිත වැදගත් පියවරක් පිළිබඳවත් අගමැතිවරයා මෙහි දී අනාවරණය කළේය.

හැත්තැ පන්දහසක් ලක්ෂයක් පමණ වන සිල්ලර වෙළෙඳ සැල් රට තුළ තිබෙන බව පැවැසූ අගමැතිවරයා, මේ සියලුම වෙළෙඳ සැල් සියල්ලම එකතු කරගෙන පාරිභෝගිකයන්ට සහන මිලට ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන බවට එම වෙළෙඳ සැල් යථා කාලයේ දී පත්කරන බවත් පැවැසීය. සතොස අලෙවි සැල් ජාලයේ පළවැනි මෙගා අලෙවි සැල ඊයේ (05) වැලිසරදී විවෘත කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය. එම විවෘත කිරීමෙන් අනතුරුව අගමැතිවරයා මේ බව පැවැසීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.