බැඳුම්කර විමර්ශනයේ ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව ජනපති යටතට

මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව පවතින්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ වන අතර බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව ඉදිරි පියවර ගැනීමට එය බාධාවක් වී ඇති නිසා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගේ විෂය පථයට ඇතුළත් කරගැනීමට නියමිත බවත් දේශපාලන ආරංචිමාර්ග වල සඳහන් වේ.

බැඳුම්කර කොමිසම මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නම් නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධිනව ක්‍රියාත්මක විය යුතු නිසාත් බැඳුම්කර කොමිසම මගින් වැරදිකරුවන් බවට පත් කර ඇති අයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට අවශ්‍ය නායකත්වය ජනාධිපතිවරයා ලබාදිය යුතු නිසාත් නායක හිමිවරුන්ගෙන්, වෙනත් ආගමික නායකයින්ගෙන් හා සිවිල් සංවිධාන ජනාධිපතිවරයාගෙන් එලෙස නීතිපති දෙපාර්තමේන්තුව ජනපති යටතට පත් කරගනිමින් බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි පියවර නීතිපති දෙපාර්තමේන්තුව හරහා ගන්නා ලෙස ඉල්ලා ඇති බවද එම ආරංචිමාර්ග වල සඳහන් වේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.