වත්මන් ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 වන දින සිය ධුරයෙහි වැඩ බාර ගන්නා විට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වී නොතිබූ බැවින් ජනාධිපතිවරයාට වසර 06 ක කාලයක් සිය ධුරයෙහි කටයුතු කළ හැකි බව නීතිපතිවරයා අවධාරණය කොට ඇත.
ජනාධිපති ධුරයේ නිල කාලය වසර 05 කට සීමාකොට ඇත්තේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් වන අතර එය කිසිසේත් අතීතයට බලපාන නීතියක් නොවන බවද නීතිපතිවරයා අනාවරණය කරයි.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති මෙම ඇයැදුම අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ, කේ.ටී. චිත‍්‍රසිරි සහ සිසිර ද ආබෲ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල ශ්‍රේෂ්‍ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලදී.
ඒ අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතීපති ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා කියා සිටියේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරී මස 08 ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අතර 2015 ජනවාරී මස 09 වැනිදා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් බවයි.
මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ දිව්රුම් දී ඇත්තේ 19 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කිරීමට පෙර යයිද ඔහු කියා සිටියේය.
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධුරයට පත්වන පුද්ගලයෙකුට වසර 06 ක කාලයක් සිය ධුරයේ කටයුතු කළ හැකියාව ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයේ දිව්රුම් දීමෙන් පසු අවස්ථාවකදී එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ බවත් දැනුම් දුන්නේය.
තම ධුර කාලය වසර පහක්ද එසේත් නැත්නම් වසර හයක් ද යන්න තීරණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීරණය ජනාධිපතිවරයා වෙත යොමු කරන බව නිවේදනය කර ඇතැයි ද වාර්තාවේ.