ජනපති “වෙනස” කුමක්දැයි සරලව පෙන්වයි

ලංකා ඉතිහාසයේ පළමුවතාවට ජනාධිපතිවරයෙකුගේ සහෝදරයෙක් අත්තඩංගුවට ගත්තා නම් ඒ තම සහෝදරයා බවත් නීතියට අත පෙවීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

පසුගියදා (14) අගලවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.

“මේ අවුරුදු තුනේ නීතිය හරියට ක්‍රියත්මක කරන්න, නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්න අධිකරණයට අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කෙරුවා. ඒ කාලෙ අරලියගහ මන්දිරෙන්, තව තැන් වලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ට ටෙලිෆෝන් එකෙන් නඩු තීන්දු දුන්නා,ඕන අය නිදහස් කලා,ඕන අයට ඇප දුන්නා, ඕනෙ නැත්නම් හිරේ ඇරියා,ඒත් එපා නම් එල්ලුම් ගහට ඇරියා නඩු පොත හදලා.”

” මම තමුන්නාන්සේලාට කියනවා, මගේම සහෝදරයා දැන් මාස තුන හතරකට කලින් රිය අනතුරකට අත්අඩංගුවට ගත්තා. ඔහු වාහනය එලවගෙන ගියා.මෝටර් සයිකලයක ගිය දෙන්නෙක් මේ වාහනේ ගැටිලා දෙන්නම මැරුනා.මගේම සහෝදරයා පොලීසිය අත්අඩංගුවට ගත්තා. මම කතා කලාද පොලීසියට? මගේ අනික සහෝදරවරු ගිහින් නීතිඥවරුන් දාලා උසාවියෙන් ඇප ඉල්ලුවා. පොලීසිය විරුද්ධ වුනා. මේ රටේ ජනාධිපති වරයෙක්ගේ සහෝදරයෙක්, මේ රටේ අගමැතිවරයෙක්ගේ සහෝදරයෙක් හදිසි අනතුරකට වාහනේ එලවගෙන ගියා කියල ඉතිහාසෙට මගේ සහෝදරයා තමයි රිමාන්ඩ් භාරයේ තිබ්බේ,නීතිය හරියට ක්‍රියාත්මක වුනේ. මම අහනවා, කොයි කාලෙද එහෙමස් සිද්ද වෙලා තියෙන්නේ කියලා.”

“ජනාධිපතිගේ අගමැතිගේ නෙවෙයි, සාමාන්‍යයෙන් සමාජයේ යමක් කමක් කරන්න පුලුවන් අය ඔය පොලීසියේ මහත්වරු හොදට දන්නවා. වාහනේ හප්ප ගත්ත නම් අයිතිකාරයා අතින් අර කොහෙවත් දුප්පත් ඩ්‍රයිවර් කෙනෙක් දාලා මාරු කරලා එයා තමයි වාහනේ පැද්දෙ කියනවා. මේව අපි ඕන තරම් අහලත් තියෙනවා,දැකලත් තියෙනවා,වෙලත් තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. මේ රට වෙනස් කරන්න ගත හැකි තීන්දු තීරණ රාශියක් මම අරගත්තා, අරගෙන තියෙනවා.මේවායේ ප්‍රතිඵල පැය24න් එන්නේ නෑ.”

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.