අපිට කොච්චර බැන්නත් අපි මාධ්‍ය ආයතනවලට අත තියන්නේ නෑ – අගමැති රනිල්

අද මධ්‍යයට නිදහස ලබාදී තියෙනවා, මගේ ඉදිරියෙන් ඉන්න මාධ්‍යකරුවන්ට ඔවුන්ගේ පෑන, කටහඬ හසුරුවන්න, බයක්‌ සැකක්‌ නැතිව ලියන්න. අපිට බණින්න නිදහස අද තියෙනවා. මාධ්‍ය කරන්නේ මොකක්‌ද? අපි ලබා දුන්නු නිදහසින් කිසිදු බයක්‌ නැතිව පත්තරවලින් අපිට බණිනවා. රූපවාහිනි මාධ්‍යවලින් අපිට බණිනවා. හිරු, දෙරණ, සිරස නාළිකා අපිට බණිනවා. අපිට බණිනවා කියා ඒ අයට අපි ගැහැව්වද?. අපි ඒ අයව මැරුවද? ඒ අය ඔහේ බැණපු දෙන්. අපි ඒ මාධ්‍ය ආයතනවලට අත තියන්නේ නැහැ. සුදු වෑන්වලින් ඒ අයව උස්‌සන් යන්නේ නැහැ. ඒ නිදහස අපි මාධ්‍යයට දී තියෙනවා. මේ මාධ්‍ය නිදහස අහිමිකළ එදා පැවැති ආණ්‌ඩුවට එරෙහිවයි අපි ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වුණේ, ප්‍රජාතන්ත්‍රවාදි නිදහස හා දූෂණයෙන් වංචාවෙන් තොර නිදහස්‌ රටක්‌a ඇති කරන්නයි. ඒ නිදහස අපි රටේ ඇතිකර තිබෙන්නේ, යෑයි අග්‍රාමාත්‍ය එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා එසේ පැවැසුවේ, නීතිඥ එරංග වැලිඅංගගේ මහතා ඇතුළු මහරගම එක්‌සත් ජාතික පක්‍ෂ බලමණ්‌ඩලයේ මෙහෙයවීමෙන්, මහරගම නගර සභාවේ අපේක්‍ෂකයන්ගේ ජයග්‍රහණය සඳහා “දිනන මහරගම හදන්න ඔබත් එක්‌වන්න” යන ශිරෂ පාඨය යටතේ මහරගම නගර සභා භූමියේ පැවැති එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රචාරක රැලිය අමතමිනි. හිටපු අමාත්‍ය ප්‍රේමරත්න ගුණසේකර, පළාත් සභා මන්ත්‍රීවරුන්වන නිමල් ආර්. පීරිස්‌, රොඩ්නි ෙµෂර්, යන මහත්වරුන්ද සභාව ඇමතූහ.

වැඩිදුරටත් කතා කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය. එල්.ටී.ටී. ත්‍රස්‌තයන්ගෙන් මේ රට මහින්ද මහත්තයා නිදහස්‌ කර ගත්තත්, ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක්‌ රටේ බිහි කළේ නැහැ. මහින්ද රාජපක්‍ෂ මහත්තයා ඒ නිදහස අපේ රටේ ඇති කළාද යුද්ධය දිනුවට පස්‌සේ? එහෙම නිදහසක්‌ රටේ තිබුණානම්, කොහොමද ආණ්‌ඩුවට එරෙහිව ලිපි ලියු ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියා මරා දැම්මේ, එහෙනම් කොහොමද, කීත් මාධ්‍යවේදියාට පහර දුන්නේ, එහෙනම් කොහොමද එක්‌නැලිගොඩ මරා දැම්මේ. ඒ අනුව මාධ්‍යවේදීන් තිදෙනෙක්‌ මරා දැම්මා ද? සුදු වෑන්වලින් කිදෙනෙක්‌ උස්‌සගෙන ගියාද? එහෙනම් කොහෙමද යුද්ධය මෙහෙයවූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හිරේ දැම්මේ, මාධ්‍ය ආයතනවලට පහර දුන්නේ? 2014 වන විට රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තිබුණාද? අපි ඒ නිදහස ජනතාවට ලබා දුන්නා. නමුත් මහින්ද මහත්තයා ඒ නිදහස රටේ ඇති කළේ නැහැ. 2015 වර්ෂයේ ජනවාරි 8 වැනිදා පත්වූ අපේ රජයයි, ඒ නිදහස රටේ ඇති කළේ. අපි ජනතාවගෙන් එදා ඉල්ලා හිටියේ අපට බලය දෙන්න, අපි ප්‍රජාතන්ත්‍රවාදී නිදහස රටට උදාකර දෙන්නම්. රටේ දූෂණ, වංචා නැති කරන්නම් කියායි. අද ඔබ මේ භුක්‌ති විඳින්නේ අපි ලබා දුන්නු ඒ නිදහසයි.

හැම නිවසකම කණ්‌ණාඩි තියෙනවා මුහුණ බලන්න, රැවුල කපන්න, හිස පීරන්න, අඳින පලඳින දේවල හැඩවැඩ බලන්න. ආන්න ඒ වගේ, පසුගිය ජනවාරි මාසයේ අටවැනිදා (8) බලයට පත්වූ යහපාලන ආණ්‌ඩුවත් රටේ කණ්‌ණාdඩි සවි කළා. අල්ලස්‌ හෝ දූෂණ වංචා කොමිෂන්. තොරතුරු දැන ගැනීමේ පනත. රටේ ඕනෑම පුර වැසියකුට තොරතුරු ලබා ගැනීමේ නිදහස අද තියෙනවා. කතා කිරීමේ නිදහස, තොරතුරු දැන ගැනීමේ නිදහස අද රටේ තියෙනවා. කොමිෂන් සභා පත්කරමින්, රටේ ජනතාවට ඒ නිදහස ලබා දෙන්න අපිට හැකියාව ලැබුණේ, 19වන ව්‍යවස්‌ථා සංශෝධනය කිරීමට අවස්‌ථාව අපිට ලැබුණු නිසා. තොරතුරු දැන ගැනීමේ පනත අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ 2003 වර්ෂයේ අපේ ආණ්‌ඩුව කාලයේ. චන්ද්‍රිකා ජනාධිපතිනිය ඒ ආණ්‌ඩුව විසුරුවා හැරිය නිසා පනත සම්මත වුණේ නැහැ. ඊළඟට මේ පනත අපි ඉදිරිපත් කළේ අපි විපක්‍ෂයේ ඉන්න කාලයේ කරු ජයසූරිය මහත්තයා, රාජපක්‍ෂ ආණ්‌ඩුවේ පාර්ලිමේන්තුවට. ඒ පනත පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්‌තකයට ඇතුළු කරන්න ඉඩ දුන්නේ නැහැ. අද අගමැති කොමිෂන් සභාවලටත් ගිහින් සාක්‌කි දෙනවා. පාර්ලිමේන්තුවේදී අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා. එහෙම අගමැති කෙනෙක්‌ එදා රටේ හිටිය ද? කොමිෂන් සභාවලට ගිsහින් සාක්‌කි දෙන, පාර්ලිමේන්තුවේ අසන ප්‍රශ්නවලට උත්තර දෙන අගමැති කෙනෙක්‌ එදා රටේ හිටියද?

අද අපි සවිකර තියෙන කණ්‌ණාඩිවලින් රටේ ජනතාවට බලන්න පුළුවන්. මේ විනිවිද භාවය එදා රාජපක්‍ෂ ආණ්‌ඩුවෙන් ජනතාවට ලැබුණේ නැහැ. අපි දෙනවා කිව්ව නිදහස රටේ ජනතාවට අපි දීලයි තියෙන්නේ. එදා තිබුණු කණ්‌ණාඩිවලින් පෙනුනේ, රජාගේ රැවුල් මුහුණ. බිසොවගේ මුහුණ. රජ කුමාරවරුන්ගේ මුහුණු. රටේ ජනතාව ඉල්ලා හිටියේ රජාගේ නිදහස නොවෙයි. ජනතාව ඉල්ලූ ඒ නිදහස අපි දිලා තියෙනවා. ඒ නිසා රජාගේ රුවුල් මුහුණ, බිසවගේ මුහුණ, කුමාරවරුන්ගේ මුහුණු දැක ගන්න රටේ ජනතාවට අද ලැබෙන්නේ නැහැ. රටේ සිදුවන හැම දෙයක්‌ම විනිවිදව දැකබලා ගන්න අද රටේ ජනතාවට අවස්‌ථාව, ඒ නිදහස අත්විඳින්න රටේ උදාවෙලා තියෙනවා.

-රාජ්‍ය සේවා කොමිසම අපි සක්‍රිය කළා. පොලිස්‌ කොමිසම ඇති කළා. හිතු හිතු පරිදි ඇමතිවරුන් ඇතුළු දේශපාලකයන්ට, පොලිස්‌ නිලධාරීන් මාරු කරන්න, පත්වීම් හා උසස්‌වීම් ලබා දෙන්න අද බැහැ, මේ පොලිස්‌ කොමිසම පිහිටූවූ නිසා. අද පොලිස්‌ නිලධාරීන්ට තමන්ගේ රාජකාරිය කරන්න විවෘත නිදහසක්‌ තියෙනවා. අද මැතිවරණ කොමිසමක්‌ රටේ තියෙනවා. මැතිවරණයකදී සියලුම බලතල තියෙන්නේ කොමසාරිස්‌ට. ඔහු වග කියන්නේ පාර්ලිමේන්තුවට. මැතිවරණ කාලයේදි පවත්වන රැස්‌වීම් දේශපාලන රැස්‌වීමද, එහෙම නොවන රැස්‌වීම්ද කියලා විමසා බලන්න මැතිවරණ කොමසාරිස්‌ට අද බලතල පැවැරී තියෙනවා. අපි යන රැස්‌වීමක වුණත් දේශපාලන රැසවීමක්‌ද එසේ නොවන රැස්‌වීමක්‌ද යන්න තීරණය කිරීමේ බලය මැතිවරණ කොමසාරිස්‌ට, මැතිවරණ කොමිෂන් සභා පනත අනුව ලැබී තියෙනවා. මානව හිමිකම් කොමිෂම තියෙනවා. අල්ලස්‌ හෝ දූෂණ කොමිසම තියෙනවා. මේ පනත් ගෙනැල්ල පාර්ලිමේන්තුවේදී. 2/3 බලයෙන් සම්මත වුණා.

රටේ මූල්‍ය බලය පාර්ලිමේන්තුව යටතට ගත්තා. කෝප් කමිටුවේ සභාපති කම ආණ්‌ඩුවේ මන්ත්‍රීවරයකුට පවරා දුන්නේ නැහැ. ඒක අපි පැවැරුවේ JVP එකේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාට. කෝප් එකට අගමැතිවරයා පවා ප්‍රශ්න කරන්න බලය තියෙනවා. යුඇන්පිය මේ ආණ්‌ඩුවේ නොහිටින්න මේවාගේ ජනතාවාදි අණපනත් රටේ බිහිවෙන්නේ නැහැ. එදා රඡ්ජුරුවන්ගේ ආණ්‌ඩුවේ මේ වගේ ජනතාවාදී අණපනත් සම්මත වුණේ නැහැ. ඒ නිදහස අද රටේ ජනතාවට ලැබී තියෙනවා. මේ නිදහස රටේ ජනතාවට ලැබුණේ යහපාලනය නිසයි. මම විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියට ගිහින් කොමසාරිස්‌වරුන් අහන ප්‍රශ්නවලට උත්තර දුන්නා. මේ රටේ එහෙම කොමිෂන් සභාවලට ගිහින් අහන ප්‍රශ්නවලට උත්තර දෙන අගමැතිවරයෙක්‌ රටේ හිටියද?

රඡ්ජුරුවන්ගේ පාලන කාලයේවත් එහෙම අගමැතියෙක්‌ හිටියද? අද ජනතාවට තමන්ගේ මුහුණ බලා ගන්න කණ්‌ණාඩි සවිකර තියෙනවා. එදා රජුගේ බිසොවගේ කුමාරවරුන්ගේ මුහුණු බලන කණ්‌ණාඩි රටේ තිබුණේ.

මහරගම තිබුණු ප්‍රධාන ප්‍රශ්නවල අපි, අපේ ආණ්‌ඩු කාලයේදි විසඳුමක්‌ ලබා දුන්නා. ජල ප්‍රශ්නයට විසඳුමක්‌ ලබා දෙමින් රණසිංහ ප්‍රේමදාස අගමැතිතුමා ජල ටැංකියක්‌ ඉදිකර එය විසඳුවා. ගුරු විද්‍යාලය, ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික තරුණ සේවා සභාව ඇති කළේ යුඇන්පී ආණ්‌aඩුව කාලයේ. මහරගම නගරය නවීකරණය වුණේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්‌ යටතේ. ඒ නිසා මහරගම නගරය සංවර්ධන කිරීමට ඔබේ ගමේ මැතිවරණ කොට්‌ඨාසයෙන් ඉදිරි§පත්ව සිටින අපේක්‍ෂක, අපේක්‍ෂිකාවන්ට ඔබේ ඡන්දය ලබා දී ඔවුන් මහරගම නගර සභාවට පත්කර එවන මෙන් මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

අපි පහර දෙන්නේ නැහැ. අපි විවෘත භාවයෙන් කටයුතු කරන්නේ. අපි කොමිෂන් සභාවලට සෘජුවම මුහුණ දෙනවා. බයේ හැංගෙන්නේ නැහැ. පසුගිය දා අධිකරණයෙන් ජනාධිපතිවරයා ප්‍රශ්න කළා, ජනාධිපති ධුරකාලය පිළිබඳව. අවුරුදු පහද? හයද? කියා. අධිකරණය ලබා දුන්නේ පහ කියායි. අද රටේ අධිකරණය ස්‌වාධීනයි. අපි විනිශ්චයකරුවන්ට බලපෑම් කරන්නේ නැහැ. එදා මහින්ද මහත්තයාගේ කාලයේ ආණ්‌ඩුවට විරුද්ධව තීන්දුව ලබා දුන්නු අග්‍රවිනිශ්චයකාරිවරයට, බෙන්ච් එකෙන් බැහැලා ගෙදර යන්න සිද්ධ වුණා. අපි පාර්ලිමේන්තුව සක්‍රිය කළා.

මහ නගර සහ බස්‌නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික මහතා. (අද බස්‌නාහිර මහ ඇමතිට මහරගම නගරයේ පාරවල් කාපට්‌ කිරීමට හැකියාව ලැබී තියෙන්නේ, බස්‌නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙන නිසා. ඒ වගේම අපේ අමාත්‍යාංශයෙන් මේ නගරයේ සංවර්ධනයට විශාල වැඩකොටසක්‌ දැනටමත් සැලසුම් කර තිබෙනවා. කොට්‌ටාව නවනගරයක්‌ ලෙස නිර්මාණය කර සංවර්ධනය කෙරෙනවා. ප්‍රධාන බස්‌ නැවතුම්පළ ඉදිවෙනවා. අද ලෝකය ඉදිරියේ නිර්මාණය වෙමින් පවතින්නේ තාක්‌ෂණික විප්ලවයක්‌. ඒකට මේ ප්‍රදේශයත් සූදානම් කළ යුතුයි. ඒ අනුව තාක්‌ෂණික ස්‌ථාන මහරගම නගරයේ ඉදිවෙනවා. බොරලැස්‌ගමුවේ වැව සංවර්ධනය කර එහි ප්‍රතිලාභ මහරගම ජනතාවට ලබා දෙනවා. වෘත්තීයවේදීන් සඳහා මහල් නිවාස මහරගම ඉදිවෙනවා.

කොළඹ තොටළඟ එදා තිබුණු පැල්පත් අද නැහැ. අද තියෙන්නේ මහල් නිවාස. එහේ ගිය අයකුට දෑසින්ම බලා ගන්න පුළුවන්. කොළඹ හැම තැනකම පැල්පත් ඉවත් කර තට්‌ටු නිවාස ඉදිවෙනවා. ඒ වගේම මහරගමත් පැල්පත්වල ජීවත්වන ජනතාවට තට්‌ටු නිවාස යෝජනා ක්‍රමයක්‌ මගේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒවා මහරගම පාරවල එළන කාපට්‌ වගේ සංවර්ධනයක්‌ නොවෙයි. ඒ කාපට්‌ එළීමටත් මුදල් ලබා දුන්නේ මධ්‍යම ආණ්‌ඩුවෙන්. නාවින්නේ ක්‍රීඩාපිටිය සංවර්ධනය කරන්නේ මගේ අමාත්‍යංශය යටතේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *