රවී ගැන තවත් අතුරු කතාවක්..

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍යවරයෙකුව සිට දූෂණ-වංචා චෝදනා හේතුවෙන් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වී ගිය රවී කරුණානායක මහතා අද(24) හිටි අඩියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට ගියේය.

මෙය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ තිබුණේ නැත. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද(24) දිනගේ විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවට ඔහුගේම කල් ඉකුත් වූ කොන්ත්‍රාත් මාධ්‍ය උපදේශකයා විසින් මාධ්‍ය ප්‍රචාරයක් යවා තිබෙනු දක්නට ලැබිණ.

මේ නිසාවෙන්ම රවී කරුණානායක මහතා අද “මම හොරෙක් නෙවෙමි” කියන්නට දත කට මැදගෙනම පාර්ලිමේන්තුවට ආවේ හතරේ, හයේ පහරවල් එල්ල කිරීමේ අටියෙන් බව සඳහන්. එහෙත් ‘පුදනකොටම කාපි යකා’ කියන්නාක් මෙන්, කතාව පටන් ගැනීමට ගිය මොහොතේම කථානායක කරු ජයසූරිය මහතා එයට හරස් වෙමින් රවීගේ කතාව වලක්වන ලද්දේ එම ඉල්ලීම පාර්ලිමේන්තු ස්ථාවර නියෝග හෝ මන්ත්‍රී වරප්‍රසාද යටතට අයත් නොවන බව සඳහන් කරමින්. එයින් කුපිත වූ මන්ත්‍රීවරයා තමාගේ වසර 24 ක පාර්ලිමේන්තු දිවියේ තමන් මෙවැනි අත්දැකීමකට මුහුණ නොදුන් බව පවසා තමාට පාර්ලිමේන්තුවේ ඉඩක් නොමැති නම් තම විශේෂ ප්‍රකාශය මාධ්‍ය වෙත බෙදාහරින බව පවසමින් ඔහුට නිහඬවන්නට සිදුවිය.

කෙසේ වෙතත් රවී කරුණානායක මහතාගේ කතාවට පාර්ලිමේන්තුවේ ඉඩ නොලැබීමත් සමඟ මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයකු සහ වත්මන් කථානායකවරයා වන කරු ජයසුරිය මහතාට එරෙහිව මඩ ප්‍රහාර දියත් වෙමින් පවතී.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *