කවුරුත් නැති අතරේ රවී ජනාධිපති ලේකම් කාර්යාලයට

ජනාධිපතිවරයා හෝ ජනාධිපති ලේකම්වරයා නැති අතරේ බැදුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටපතක් ඉල්ලා ගැනීමට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබේ.

වත්මන් යහපාලන රජයේ තෙවර්ෂ පූර්ණය වෙනුවෙන් අද (08) දවස පුරා ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන ව්‍යාපෘති රාශියක් ජනතා අයිතියට පත්කිරීමට කටයුතු යොදා තිබූ පසුබිමක් තුළ දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයට ගිය මන්ත්‍රීවරයා ලිඛිතවම ජනාධිපති ලේකම්වරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත.

ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා, බැදුම්කරය ගැන සත්‍ය තොරතුරු දැන ගැනීමට තමන්ට අයිතියක් ඇති බවත්, එම කොමිසම මගින් අල්ලස් හෝ දූෂණ කොමිසමට තමන්ව කැදවීමට පෙර තමන් කොමිසම හමුවට යාමට සූදානම් බවද පවසා ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.