සයිටම් අර්බුදය යළි ඇවිලෙන ලකුණු

වත්මන් රජයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ලගේ ඩීල් ගැසීම් සහ ක්‍රියාකලාපය හේතුවෙන් 2017 වසරේ අවසන් වීම්ට නියමිතව තිබූ සයිටම් අර්බුදය ලැබුවා වූ 2018 වර්ෂයටත් යළි තල්ලු වී තිබේ. 2017 දෙසැම්බර් 31 වනදා සයිටම් උපාධි අලෙවි ආයතනය මුලුමනින්ම අහෝසි කොට ඒ සඳහා එකඟ වූ යෝජනා ක්‍රියාත්මක කරන බවට රජය සහිතක වුවද එය ඉටුනොකිරීම හේතුවෙන් මෙම අර්බුදය යළි ඇවිල තිබේ.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් පවතින අර්බුදය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ විධායක සභා රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබේ.

මේ සතියේ මෙම විධායක සභා රැස්වීම පැවැත්වීමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේය.

එසේම සයිටම් ගැටළුවට ව්‍යාජ විසඳුම් ලබාදීමට උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව යළිත් වරක් මාරාන්තික උපවාසයක නිරත වන බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පවසයි.

එළඹෙන ජනවාරි 07 වැනිදා රැස්වන විධායක සභාවේ දී මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බව එම සංගමය සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙලෙස සයිටම් අර්බුදයට ස්ථිරසාර ජනතාවාදී විසඳුමක් ලබාදීම කඩාකප්පල් කිරීම පිටුපස රාජිත සේනාරත්න සහ ලක්ෂ්මන් කිරිඇල්ල සිටින බව සෑම සියලු දෙනාම හොඳින් දන්නා කරුණක් වී ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.