ගම්මන්පිළ කට-හොට කරගෙන ඇන ගනී; බැඳුම්කර වාර්තාවේ පිටු 1257 මෙන්න.. (Exclusive)

පිවිතුරු හෙළ උරුමය නැමැති සංවිධානයක් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ඊයේ (18) යළිත් සුපුරුදු පරිදි අඥාන, සිඟිති කථාවක් සිදු කොට ඇන ගෙන ඇත. ඒ බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටු ගණන අඩු බව පවසමින් සිදු කළ බොරුව හෙළිදරව් වීමත් සමඟය.

බැඳුම්කර වාර්තාවේ පිටු 1257 ඇති බව ජනාධිපතිවරයා පැවසුව ද මේ වන විට ඇත්තේ පිටු 1154 ක් බවත් එහි පිටු 103 ක් අතුරුදන් වී ඇති බව ඊයේ(18) ගම්මන්පිළ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

නමුත් මෙය සම්පූර්ණ අසත්‍යයක් බව මේ වන විට අනාවරණය වී තිබේ.

පරිච්ඡේද 34 කින් සමන්විත බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවේ පළමු කොටස පිටු 946 කින් යුක්ත වන අතර එහි උපග්‍රන්ථය පිටු 206 කින් සමන්විත වේ. එසේම ඇමුණුම පිටු 105 කි. ඒ අනුව මුළු බැඳුම්කර වාර්තාවේ මුළු පිටු ප්‍රමාණයේ එකතුව පිටු 1257 කි. ජනාධිපතිවරයා පසුගියදා බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව ජනගත කරමින් මෙහි පිටු 1257 ක් ලෙස සඳහන් කරන ලද්දේ මෙම මුළු පිටු ප්‍රමාණයේම සංඛ්‍යාත්මක අගයවේ.

මෙහි හාස්‍යජනක කරුණ නම් උදය ගම්මන්පිළ උගත් නීතිඥ මහතෙකු ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටියද, ඔහු තම විෂය ගෝචර පොතක් හෝ වාර්තාවක් පරිශීලනයට නොදන්නා විමල්ගේ පන්තියේම තවකෙකු බවට මුළු මහත් රටක් ඉදිරියේ අනාවරණය කිරීමයි.

ගම්මන්පිළලා වැනි සුද්දන් පවා සුද්ද කළ හොරුන් මෙතෙක් බැඳුම්කර ජනාධිපති කොමිසමේ පිටු ගණන ගනන් කරමින් කවට කතා කියමින් ජනතාව මුලා කළද එහි අන්තර් ගත බැංකු කොල්ලය පිළිබඳ කිසිඳු කරුණක් මෙතෙක් ජනතාවට පවසා නැත. මෙය ප.ප.වි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේම ඉත්තෙකු වන උදය ගම්මන්පිළලා එක්සත් ජාතික පක්ෂයේ බළල් අත් ලෙස ක්‍රියාකරන බවට කදිම උදාහරණයකි.

[googlepdf url=”http://s.readsrilanka.com/wp-content/uploads/2018/01/table-of-contents-1.pdf” width=”100%” height=”600″]

[googlepdf url=”http://s.readsrilanka.com/wp-content/uploads/2018/01/table-of-contents-2.pdf” width=”100%” height=”600″]

ඇමුණුම සහිත සම්පුර්ණ “බැඳුම්කර ජනාධිපති කොමිසමේ” වාර්තාව පරිශීලනය සඳහා පිවිසීමට මේ මත ඔබන්න.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.