පොහොට්ටුවේ අපේක්ෂයාගේ මවට අයත් ලී මෝලෙන් ලක්ෂ 1 ½ දැව තොගයක් අත්අඩංගුවට

වෙන්නප්පුව ප්‍රදේශීය සභාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තරඟ කරන අපේක්ෂකයෙකුගේ මවට අයත් බව කියන ලී මෝලක තිබී රුපියල් ලක්ෂ 1 ½ ක් පමණ වටිනා දැව තොගයක් හලාවත අඩවි වන කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (07) දිනයේ දහවල් මෙම වැටලීම සිදු කර ඇත.

ලුණුවිල – කිරිමැටියාන ප්‍රදේශයේ මෙම මෝල පවත්වා ගෙන ගොස් ඇති අතර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයාට අයත් ලී මෝලක් සහ ඔහුගේ මවට අයත් ලී මෝලක් එකම ඉඩමක පවත්වා ගෙන ගොස් ඇත.

බලපත්‍ර රහිත දැව තොගය තිබී ඇත්තේ අපේක්ෂකයාගේ මවගේ නමට බලපත්‍ර ලබා ගත් ලී මෝල තුළ බව වැටලීම කළ නිලධාරීන් සඳහන් කරයි.

අත්අඩංගුවට ගෙන ඇති දැව තොගය අතර මැහෝගනී දැව කඳන් 18 ක්, තේක්ක දැව කඳන් 04 ක්,හල්මිල්ල දැව කඳන් 05 ක් සහ තේක්ක දැව කඳන් 08 ක් තිබී ඇත.

ලී මෝල පවත්වා ගෙන ගිය කාන්තාවට එරෙහිව මාරවිල අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර ඇති බව වැටලීම කළ නිලධාරීන් පවසයි.

හලාවත අඩවි වන නිලධාරී චමිත විජේතිලක,වෙන්නප්පුව බීට්ටු වන නිලධාරී ගංගොඩවිල යන මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

-අද දෙරණ-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *