බෙල්ලන්විල අනුනාහිමියන් අපවත් වුණේ ඉලඇට බිඳීමෙන් වූ වේදනාව නිසා හටගත් හෘදයාබාදයකින්

බෙල්ලන්විල රාජමහා විහාරයේ විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ (77) මරණයට හේතුව ඇද වැටී ඉලඇට කැඩී යැමෙන් සිදුවූ තුවාල නිසා කම්පනය, වේදනාව හේතුවෙන් වූ හෘදයාබාධයක්‌ බව සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය.

උන්වහන්සේගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පෙරේදා (3 වැනිදා) සවස පවැත්විණි.

කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී පී. බී. දසනායක සහ ජ්‍යෙෂ්ඨ චතුර නන්දසිරි යන මහත්වරු මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන්ගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකළහ.

උන්වහන්සේගේ ඉලඇට 9 ක්‌ පමණ කැඩී බිඳී ගොස්‌ තිබූ බවත් දකුණු අතට තුවාල සිදුවී තිබූ බවත් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හෙළිවිය.

මහාචාර්ය නාහිමිපාණන් පසුගිය 2 වැනිදා පෙරවරු 9.00 ට පමණ විහාරස්‌ථානයේ සිටින “මියන් කුමාර” නමැති ඇතාට ආහාර ලබාදීමේදී සිදුවූ අනතුරකින් කළුබෝවිල මහ රෝහලටත් පසුව කොළඹ පෞද්ගලික රෝහලටත් ඇතුළත් කරනු ලැබූහ.

එම රෝහලේදී සිදුකරන ලද පැය 10 ක ශල්‍යකර්මය අතරතුරදී උන්වහන්සේ අපවත් වූහ.

මේ අතර උන්වහන්සේගේ හදිසි මරණ පරීක්‍ෂණයේ සාක්‍ෂි විභාගය බොරලැස්‌ගමුව හදිසි මරණ පරීක්‍ෂක මල්ලිකා සුගතදාස මහත්මිය විසින් සිදුකරන ලදි. මේ පිළිබඳව බොරලැස්‌ගමුව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියංක සිල්වා මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උ.පො.ප. ඒ. ඩී. වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ කොස්‌තාපල් බණ්‌ඩාර (34137) මහතා වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විහාරස්‌ථානයේ සිටි ඇත්ගොව්වකුගෙන්, විහාරයේ හිමිවරුන් තිදෙනකුගෙන් ප්‍රකාශ ලබාගත් බවද පොලිසිය කියයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.