මැකෝ පැනවූ සීමා කැඩූ කිරිඇල්ලට , මුස්තාෆාට වේවැල් පාර වදියිද?

පළාත් පාලන ආයතන වෙත ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳව ලක්‌ෂ්මන් කිරිඇල්ල හා ෆයිසර් මුස්‌තාපා යන ඇමැතිවරුන් සිදු කළ බව කියන ප්‍රකාශයන් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක්‌ අද (02 දා) පැවැත්වෙන පක්‌ෂ ලේකම්වරුන්ගේ සාකච්ඡාවට ඉදිරිපත් කර තීරණයක්‌ ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

පළාත් පාලන ආයතනවලට ප්‍රතිපාදන ලබා දෙන්නේ අගමැතිවරයා බැවින් තම පක්‌ෂයට ආයතනවල බලය ලබා දෙන ලෙසට ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා කර ඇති ප්‍රකාශයෙන් හා තමා විෂය භාර ඇමැතිවරයා ලෙස පළාත් පාලන ආයතනවලට මුදල් වෙන් කරන නිසා තම පක්‌ෂයට ආයතනවල බලය ලබාදෙන ලෙසට ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා කර ඇති ප්‍රකාශයන් අනෙකුත් පක්‌ෂවලට අවාසියක්‌ සිදු වන බවට නීතිඥ සංවිධානයක්‌ විසින් පෙරේදා (31 දා) මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබුණි.

මේ පිළිබඳව ඊයේ (01 දා) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සභාපතිවරයා සෑම පළාත් පාලන ආයතනයකටම ප්‍රතිපාදන හා බදු වර්ග ලැබෙන බවත් ඇමැතිවරුන් කර ඇති බව කියන ප්‍රකාශ පිළිබඳ පැමිණිල්ල සත්‍ය නම් අද සවස පැවැත්වෙන පක්‌ෂ ලේකම්වරුන්ගේ සාකච්ඡාවට ඉදිරිපත් කර ගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බවත් කියා සිටියේය.

අද සවස පැවැත්වෙන පක්‌ෂ ලේකම්වරුන්ගේ සාකච්ඡාවට ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්, මැතිවරණ නිරීක්‌ෂණ සංවිධාන නියෝජිතයන් මෙන්ම ජ්‍යෙෂ්ඨ මැතිවරණ නිලධාරීන්ද සහභාගි වීමට නියමිතය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.