කැබිනට් සංශෝධනය කල්යයි

අදට(21) නියමිතව තිබූ වත්මන් ආණ්ඩුවේ කැබිනට් සංශෝධනය කල් දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අමාත්‍යංශ බෙදී යන ආකාරය පිළිබඳව නිශ්චිත එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

මෙම නව කැබිනට් සංශෝධනය යටතේ යටතේ පක්ෂ දෙකේ අමාත්‍යාංශය බෙදීමේ වෙනස්කම් රාශියක් සිදු කිරීමට නියමිත බවට වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් එජාපය හා ශ්‍රීලනිපය අතර සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වී ඇතත් මේ දක්වා අවසන් එකගතාවකට පැමිණීමට නොහැකි වී අතර අද යම් එකඟතාවයකට පැමිණීමට හැකි වුවහොත් හෙට කැබිනට් සංශෝධනය සිදුකිරීමේ හැකියාවක් පවතී.

මේ අතර එක්සත් ජාතික පෙරමුණට අයත් නීතිය හා සාමය, මහාමාර්ග සහ මුදල් විෂයයන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් ධීවර හා ජලජ සම්පත්, විද්‍යා හා තාක්ෂණ, ක්‍රීඩා සහ කෘෂිකර්ම අමාත්‍යංශ සහ ඒවාට අදාළ විෂයයන්වලද වෙනස්කම් සිදු වන බව දැනගන්නට තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.