උදයංග රැගෙන ඒම රාජතාන්ත්‍රික අර්බුදයක්‌ වෙයි

හිටපු තානාපති උදයංග වීරතුංග ලංකාවට රැගෙන ඒම රාජතාන්ත්‍රික අර්බුදයක්‌ බවට පත්ව තිබේ.

යුක්‌රේන රජය අබුඩාබි බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ උදයංග තමන්ට භාරදෙන ලෙසයි.

උදයංග වීරතුංග යුක්‌රේන පුරවැසියෙක්‌ වන නිසා එරටින් ඔහු ලංකාව වෙත එවන ලෙස ඉල්ලා තිබේ.

උදයංග වීරතුංග ඩුබායි බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය ඉරිදාය.

හිටපු තානාපතිවරයා අත්අඩංගුවට ගැනීමට ඊයේ දිනයේදී මෙරට පොලිස්‌ නිලධාරින් පිරිසක්‌ ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබිණි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.