ප.ප.වි.ජ.කු.පා.ම.මහින්ද විශිෂ්ට ජයක් සමඟින් පාර්ලිමේන්තුවෙන් ගම් සභාවට

ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මෙවර පළාත් පාලන ඡන්දයෙන් විශිෂ්ට ජයක් ලබමින් ශ්‍රී ලංකාවේ ගම් සභා බහුතරයක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති බව මේ වන විට ලැබෙමින් පවතින ප්‍රතිඵලවලින් පෙනීයයි. 2015 ජනවාරි 08 වනදා ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක් වූ මහින්ද රාජපක්ෂ මහතා, 2015 අගෝස්තු මස 17 වනදා පැවති මහ මැතිවරණයෙන් අගමැතිධුර අපේක්ෂකත්වයෙන්ද පරාජයට පත්විය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට නායකත්වය දෙමින් මෙවර නව මැතිවරණය ක්‍රමයට අනුව පැවති ගම් සභා ඡන්දයෙන් එතුමා ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.

ඊයේ (10) පැවති පළාත් පාලන මැතිවරණයෙන් බහුතර ගම් සභා (කොට්ඨාශ) ප්‍රමාණයක් මේ වන මහින්ද රාජපක්ෂ නියෝජනය කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කර ඇති අතර, දෙවන තැන එක්සත් ජාතික පක්ෂයටත්, තෙවන තැන එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් ලැබී ඇත. ජනතා විමුක්ති පෙරමුණ සිව්වන තැන පසුවෙයි.

ඊයේ (10) පස්වරු 04 ට අවසන් වු 2018 පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසිමට අදාළව සමස්ත ඡන්දදායකයින්ගෙන් සීයයට 60-70 අතර ඡන්ද දායකයින් ප්‍රමාණයක් සිය ඡන්දය භාවිතා කර තිබේ. මෙය මෑත කාලීනව පැවති පළාත් පාලන ආයතන මැතිවරණවලට සාපේක්ෂව මෙවර මැතිවරණයේ ඡන්දය භාවිතා කිරීමට ඡන්ද දායකයින් දැඩි උනන්දුවක් දැක්වූ බවද, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.