වැඩබලන මහෙස්ත්රාත්වරු වශයෙන් නීතිඥ මණ්ඩල අලුතින් පිහිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.
වසර පහක කාලයක් ඇතුළත දේශපාලන ක්රියාකාරකම්වල යෙදුන නීතිඥවරුන්ට වැඩබලන මහෙස්ත්රාත් තනතුරු සඳහා අයෑදුම් කිරීමෙන් වළකින ලෙස අධිකරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
වැඩබලන මහෙස්ත්රාත්වරයකු වශයෙන් කටයුතු කරන විටදී තමන් වෙත ඉදිරිපත් කළ නඩුවක් සම්බන්ධයෙන් විත්තිකරුවන් හා පැමිණිලිකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා එල්ලවූ නීතිඥවරුන්ට මෙම තනතුරු සඳහා අයෑදුම් කිරීමෙන් වළකින ලෙස අධිකරණ කොමිෂන් සභාව සිය නිවේදනය මගින් දන්වා ඇතැයි ද වාර්තා වේ.
වසර 20 ක සේවා කාලයක් සපුරා ඇති නීතිඥවරුන් වැඩබලන මහෙස්ත්රාත්වරු වශයෙන් පත් කරන හෙයින් එම සුදුසුකම් සපුරා ඇති නීතිඥවරු මාර්තු මස 19 වැනි දිනට පෙර අධිකරණ සේවා කොමිෂන් සභාවට සිය අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස දන්වා ඇත.
පසුගිය කාලවලදී වැඩබලන මහෙස්ත්රාත්වරු වශයෙන් කටයුතු කරන විට දී තමන් වෙත ඉදිරිපත් කළ නඩුවල විස්තර පැමිණිලි පාර්ශ්ව සඳහා පෙනී සිටි නීතිඥයන් පිළිබඳව පැමිණිළි රැසක් ඇතැයි ද වාර්තා වේ.