මේ වන විට බලහත්කාරයෙන් අගමැතිධුරය අත්පත් කරගෙන සිටින රනිල් වික්‍රමසිංහ තවදුරටත් එම ධුරයේ රැඳී සිටියයුතුද? නැද්ද? යන්න සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයාට නීති විශාරදයින්ගේ උපදෙස් ලැබී ඇති අතර ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය සඳහා ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
ජනාධිපතිවරයා සතු විධායක බලතල යටතේ, ජනතාවට ඇති උපරිම සෘජු ප්‍රජාත්‍රන්තවාදය සහතික කරන ජනමත විචාරණයක් තුලින් මෙම දේශපාලන අර්බුදය නිමා කිරීමට ජනාධිපතිවරයා මෙලෙස කටයුතු කිරීමට තීරණය කර අත.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසමෙන් ඉල්ලා දින 30ක් ඇතුලත මෙම ජනමත විචාරණය පැවැත්වීම සිදුකෙරෙනු ඇත.
සියයට 50කට වැඩි එක ඡන්දයක තීරණය අනුව රනිල් වික්‍රමසිංහගේ අනාගත ඉරණම තීරණය වනු ඇත.