එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය ආරක්ෂා කර ගැනිම සදහා අවසන් තුරුම්පු සියල්ලම ගෙවේන පැය 24ක කාලය තුල ගැසිම සදහා රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ගජමිතුරන් කටයුතු කරමින් සිටින බව lankaleaks විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.
ඒ අනුව පසුගියදා අවසන් වු පළාත් පාලන මැතිවරණයෙන් ජයගත් මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයට කැදවා පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ බවත් පක්ෂ නායකයා අගමැතිවරය ලෙස කටයුතු කලයුතු බව කියමින් වුරුම් ප්‍රකාශයකට අත්සන් ගැනිමේ මෙහෙයුමක් මේ වනවිට දියත් කර ඇති අතර ඊට අදාළ ලියකියවිලි සිරිකොත පක්ෂ මුලස්ථානයේ සකස් වෙමින් තිබේන බවද අනාවරණය වි ඇත.
ඒ අනුව පළාත් පාලන මන්ත්‍රීවරුන්ට අමතරව සියලුම් පළාත් සභා නියෝජනය කරන මන්ත්‍රීවරුන්,ආසන සංවිධායකවරුන්ද අදාළ දිවුරුම් ප්‍රකාශයට අත්සන් තැබිය යුතු වේ.
අදාළ දිවුරුම් ප්‍රකාශය රනිල්ගේ නීති උපදේශකයෙකු වන අමාත්‍ය තිලක් මාරපන විසින් සකස් කර ඇති අතර පක්ෂ නායක හැටියට රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බවත් ඔහුගේ පක්ෂ නායකත්වය සහ ඔහුගේ අගමැති ධූරය යටතේ දිගටම සිටින බවට මෙ මගින් දිවුරා ප්‍රකාශ කරමි යනුවෙන් වාක්‍යයක්ද සදහන් කර ඇත.
මේ අතර මීට අමතරව සිරිකොත සිට විශේෂ මෙහෙයුමක් ලෙස සියලුම පලාත් සභා මන්ත්‍රීවරුන්ට සහ සංවිධායකවරුන්ට දුරකතන ඔස්සේ කතාකරමින් ඔහුන්ගේ අවශ්‍යතා විමසමින් ඒවා සකස් කරන ලද විශේෂ ආකෘති පත්‍රයක සටහන් කිරිමට කටයුතු කරමින් සිටින අතර ඒ හරහා ආසන නැති අයට අසනද, මුදල් නැති අයට මුදල්, ….අවශ්‍ය ඔනෑම කරුණක් ඉටුකර දිමට පොරොන්දු ලබාදි තිබේ.
මෙම හදිසි කූජිත මෙහෙයුමට ප්‍රධානම හේතුව වි ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19ක් සහ ප්‍රාදේශිය සභා මැතිවරණයෙන් දිනපු මන්ත්‍රීවරු දැනට 300කට වැඩි පිරිසක් මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් අතිශය බහුතරය කරූ ජයසූරියගේ නායකත්වය යටතේ මෛත්‍රීපාල සිරිසේන සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවිමට කටයුතු කලහොත් සහය දක්විමට ඇති සුදානම නිසාවෙනි.
අදාල මෙහෙයුම් සියල්ලම TT හි දන්සලේ ලැගගෙන සිටින එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන්න්ට වන අතර TT දන්සලේන් කා බී පදමට වෙරි වි සිටින මෙම මන්ත්‍රී කණ්ඩායම පිස්සු බල්ලෝ මෙන් අදාල මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටි.
උපුටනය: ලංකා ලීක්ස්