රනිල් එජාප වෘත්තීය සමිතිවලට පල නොකියා පලා බෙදයි.. (විශේෂ)

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එම පක්ෂය වෙනුවෙන් දර දිය අදින වෘත්තීය සමිතිවලට සහ එම වෘත්තීය සමිතිවල සමාජිකයින්ට පල නොකියා පලා බෙදන තත්වයක් නිර්මාණය වී ඇතැයි එම පක්ෂයේ ක්‍රියාකාරීන් පවසති. මේ එක්සත් ජාතික පක්ෂය වලපල්ලට ඇඳගෙන එහි නායක රනිල්ගේ කුඩම්මා සැලකිලි ගැන එම පාක්ෂිකයින්ගේ දුක් ගැනවිල්ලයි.

“ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ ජාතික සේවක සංගමයේ සාමාජිකයන් 2004 පෙර දහස් ගානක් සිටි අතර 2015 යහපාලන රජය බලයට පත්වනවිට සාමාජිකයන් 165 සීමාවිය. මෙයින් පෙනී යන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමයේ සාමාජිකයන් ජාතික සේවක සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත් වීමයි. පලිගැනීම් හා වෙනත් කම්කටොලු දරාගෙන පක්ෂය වෙනුවෙන් 2015 දක්වා මේ 165 දෙනා දර දිය අදින ලදී. මෙම සාමාජිකයන්ගේ වැටුපෙන් පසුගිය වසර 14ක් පුරා සාමාජික මුදල් කපාගෙන ඇතත් එම සාමාජිකයන්ට කිසිම සහනයක් ලබාදී නොමැත.

යහපාලන රජය පැමිනේනවත් සමගම එහි සභාපතිවරයා වෙනස් වී සමික අසිතන්ජන යන අය ඒහි සභාපති තනතුරට පත්කර ගන්නා ලදී. ජාතික සේවක සංගමයේ සාමාජිකයන් සැහෙන පිරිසකට මහින්ද පාලනය යටතේ පලිගැනීම් හා විවිධ අසාධාරණයට ලක්වූ සේවකයන් සිටින ලද අතර නව සභාපති වරයා යටතේ ඔවුන්ට සහනයක් ලැබේයැයි සිතා සිටියත් ඔවුන්ට මේදක්වා කිසිම සහනයක් නොලබා සේවයෙන් සැහෙන පිරිසක් දැනට විශ්‍රාම ගොස් ඇත.

මෙම සේවකයන් සදහා සිරිකොත මන්දිරය තුල දෙවරක්ද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ එක්වරක්ද පරීක්ෂණ පවත්වා මේ දක්වා ඔවුන්ට සහනයක් ලබා දී නොමැත.

මේ පිලිබදව ජාතික සේවක සංගමයේ පැරණි සාමාජිකයන් කණගාටුවෙන් සිටි. යහපාලන රජය අවසන් වීමට තව ඇත්තේ මාස 22 පමණි, මෙම සේවකයන් සදහා දැන්වත් යුතුකම් ඉටු නොකරන්නේ නම් ප්‍රතිපල ඉතා භයනකය, මහින්දගේ පොහොට්ටුව බලා සිටින්නේ ඔවුන්ව ඒ පැත්තට හරවා ගන්නටය.

සමික අසිතන්ජන යන නව ජාතික සේවක සංගමයේ සභාපති බලයට පැමිණි පසු දුක් විදගෙන සිටි සාමාජිකයන් 165ට අමතරව ඔහුගේ තෙල් ටැoකි වැලලිමේ ව්‍යාපාර වලට හා වෙනත් කටයුතු වලට උදවු කරන අය (84 දෙනකු පමණ) බදවාගෙන සාමාජිකත්වය 249 දක්වා ඉහල දමන ලදී, මෙම මුළු පිරිසම දේශපාලන පලිගැනීම් වලට ලක්වුවා යැයි කියා සිරිකොතට හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පරීක්ෂණ සදහා යවන ලදී.

සමික අසිතන්ජන යන අය භර්යාවගේ නමින් ව්‍යාපාරයක් ලියාපදිංචි කර ඒ නමින් සංස්‌ථාවේ පිරවුම්හල් වලට අලුත් හා පරණ තෙල් ටැoකි ගලවා සවිකිරීම හා දිවයින පුරා ඇති පිරවුම්හල් වලින් ප්‍රාදේශීය කළමනාකරුවන් හා ප්‍රාදේශීය පරිපාලකවරුන් මුදල් ලබාගන්නා අතර ඒ සදහා ජාතික සේවක සංගමයේ සභාපතිවරයා ඔහුගේ රැකවරණය ලබා දෙමින් එම මුදලින් කොටසක් ලබාගනී

මෙවැනි ව්‍යාපාර කරගෙන සිටින අතර ඔහු සංස්‌ථාවේ ජාතික සේවක සංගමයේ සාමාජිකයන් වෙනුවෙන් ඉටුකළයුතු යුතුකම් කිසිවක් මේ දක්වා ඉටුනොකර සිටි, මේ නිසා සාමාජිකයන්ට එක්සත් ජාතික පක්ෂයද, ජාතික සේවක සංගමයද එපාවෙන තත්වයට පත්ව ඇත, මේ ගැන සොයා බලා අවශ්‍ය කටයුතු සිදුකරන මෙන් ඉල්ලමු”.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.