ව්‍යාපාරික වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සයිටම් දන් දී පැවිදි දිවියට..!

ශ්‍රී ලංකාවේ පළමු වෛද්‍ය උපාධි අලෙවි ආයතනය ස්ථාපිත කරන බවට පවසමින් සිසුන් විශාල ප්‍රමාණයකගේ අනාගතය අඳුරු කළ ව්‍යාපාරික වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් පවත්වාගෙන ගිය සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට අදාළ ගොඩනැගිලි බුද්ධ ශාසනයට දන් දී ඔහුද පැවදි දිවියට ඇතුලත් වීමට සුදානමින් පසුවන බවට වාර්තාවේ.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අයත් ගොඩනැඟිලි බුද්ධ ශාසනය වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තමන් තීරණය කළේ යෑයි සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ හිටපු සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පසුගියදා පැවසීය.

තමන්ට අයත්ව තිබූ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පරිත්‍යාග කළ බවත් රුපියල් බිලියන තුනක්‌ පමණ වටිනා සයිටම් වෛද්‍ය විද්‍යාල ගොඩනැඟිල්ල බුද්ධ ශාසනය වෙනුවෙන් ළඟදීම පරිත්‍යාග කිරීමට කටයුතු කරමින් සිටින බවත් නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.

වසර කිහිපයක් පුරා දිගින් දිගටම සිසු ව්‍යාපාර සහ වෛද්‍යවරුන්ගේ විරෝධතා හේතුවෙන් අවසානයේ ව්‍යාපාරික වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට සහ දොස්තර රාජිත සේනාරත්න මහතාට තම ඊනියා අනාගත සැලසුම් හකුලා ගනිමින් සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය වසා දැමීමේ තීරණය අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදුවීමත්, නෙවිල් ප්‍රනාන්දුට සියල්ල දන් දී ‘තණ්ණාය ජායතී සෝකෝ’ කියා බුදු දහම පිළිගැනීමට සිදුවීමත් දෛවෝප ගත සිදුවීමකි.

මෙම සයිටම් ව්‍යාපාරයෙන් විශාලතම කොමිස් කුට්ටිය කෑ පුද්ගලයා ලෙස නම් දරා සිට්න්නේ එවක රාජපක්ෂ රජයේ හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වූ කුප්‍රකට එස්.බී.දිසානායක බවත් වාර්තාවේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.