ශ්‍රී ලංකන් හොරු නිදැල්ලේ..

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමයේ සභාපති ජානක විජේපතිරත්න මහතා පවසයි.

ඔහු පවසන්නේ මෙතෙක් ගුවන් සමාගම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක වී නොමැති බවය.

මේ හේතුවෙන් අක්‍රමිකතා සිදු කළ පුද්ගලයින් තවදුරටත් නිදැල්ලේ පසුවන බව ජානක විජේපතිරත්න මහතා පවසා ඇත. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මීට සති කිහිපයකට පෙර ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුව ඇති අක්‍රමිකතා සෙවීම සඳහා බැඳුම්කර ජනාධිපති කොමිසම හා සමාන ජනාධිපති කොමිසමක් පත්කරන ලද අතර එය මේ වන විට තම විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.