කැබිනට් සංශෝධනයත්, ආණ්ඩුවත් දෙකම විහිලුවක් වෙයි; ඇමතිවරු කලකිරෙයි

මැතිවරණයෙන් පසු වත්මන් යහපාලන ආණ්ඩුව දේශපාලන අර්බුදයකට මුහුණ පා සිටින අතර ඊට පිළියමක් ලෙස අගමැතිධුරය ඇතුළු පුර්ණ කැබිනට් සංශෝධනයක් තුළින් රැඩිකල් වෙනසක් සිදුවිය යුතු බවට මත පළ විය.

එහි පළමු පියවර ලෙස අගමැතිධුරය ගෞරවාන්විතව වෙනස් කිරීමට ජනාධිපතිවරයා උත්සහ ගත් අතර එය අසාර්ථක විය. ඉන් පසුව කැබිනට් සංශෝධනය සඳහා සුදානම් වූ අතර ඊට රනිල් වික්‍රමසිංහ එකඟ කරවා ගැනීම ‘වල් බල්ලා නෑවීමට ඇඳගෙන යෑමක්” වැනි විය.

රනිල් එවන ලේඛනය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමත්, ජනාධිපතිවරයා යෝජනා කරන දෙය රනිල් ප්‍රතික්ෂේප කිරීමත් පසුගිය දින තුන පුරාවට, පස් හය වතාවක් සිදු වූ අතර අවසානයේ, අවසාන මොහොත දක්වා වෙනස් කම් සිදුකොට රනිල්ට එරෙහි වූ එජාප මන්ත්‍රීවරුන්ගේ බල, දුබල කොට රනිල් තාවකාලික කැබිනට් සංශෝධනයක් කර ගත්තේය.

අද (25) සිදු වූ මෙම කැබිනට් සංශෝධනය ඉතිහාසයේ සිදු වූ හාස්‍ය ජනක සහ ඇමතිධුර ලැබූ ඇමතිවරුන් අසතුටුම වූ කැබිනට් සංශෝධන ලෙස ඉතිහාස ගත විය.

අද සිදුකළ සංශෝධනයේ වෙනස

කැබිනට් අමාත්‍යවරු

01- අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා – නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය

02- ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය

03- කබීර් හෂීම් මහතා – උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය

04- සාගල රත්නායක මහතා – තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

05- හරීන් ප‍්‍රනාන්දු මහතා – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය

06- රවින්ද්‍ර සමරවීර මහතා – තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරු

01- පියසේන ගමගේ මහතා – තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

02- අජිත් පී. පෙරේරා මහතා – බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ, මත්ද්‍රව්‍ය නිවාරණ හා ප‍්‍රජා විශෝධන රාජ්‍ය අමාත්‍ය

03- හර්ෂ ද සිල්වා මහතා – ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු

01- ජේ.සී. අලවතුවල මහතා – ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.