පසුගිය මැතිවරණයෙන් තේරී පත්වු පළාත් පාලන සභිකයින්ගේ නම් ඇතුලත් ගැසට් පත්‍රය අද…..

පළාත් පාලන ආයතන සදහා තේරී පත්වු සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි 10 වන දින පැවති මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින් කොටසකගේ නම් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.

ඒ අනුව දිස්ත්‍රික්ක 11 කට අදාළව තේරී පත් වූ සභිකයින්ගේ නම් ඊයේ(15) රාත්‍රියේ ප්‍රකාශයට පත් කළ බවයි රජයේ මුද්‍රණාලායාධිපතිනි සදහන් කළේ.

අනෙක් දිස්ත්‍රික්කවල තේරී පත් වූ සභිකයින්ගේ නම් අද (16) දිනය තුළ ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව ඇත්තේ.

පසුගිය 9 වනදා මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් පත්‍රය ප්‍රසිද්ධ කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකෙරුණා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *