යුද්ධය ගැන කියවන ගෝඨාභය ඇත්තටම යුද්ධ කරපු හැටි මෙන්න… සියල්ලන්ගේ දැනගැනීමට…

එල්.ටී.ටී.ඊ ය විසින් 2006 ජූලි 26 දින මාවිල්ආරු සොරොව්ව වසා දැමිණ. ෆොන්සේකා ඇඳේ සිටියදී ගෝටාබය අණ දුන් මෙහෙයුම් අතර සුප්‍රකට මාවිල්ආරුව ද අමතක කළ නොහැකිය. මෙම කාලය තුල මාවිල්ආරු ප්‍රදේශය භාරව සිටියේ බ්‍රිගේඩියර් මෙන්දක සමරසිංහ ය. මෙන්දක ගෝටාබයට ‘ග්‍රවුන්ඩ් සි‍ටුවේෂන්‘ කියාදීමට ගියේ නැත.

“මිනිහ කොහෙද අයිෂෙ යුද්ධ කළේ, සිංගප්පූරුවේ ඇද උඩද යුද්ධ කෙලේ? මමනෙ යුද්දෙ පටන් ගත්තෙ. හමුදා මූලාස්ථානය ආරක්ෂා කරගන්ඩ බැරි වුන ලෝකයේ එකම හමුදාපති,කොටි දෙනක් වද්දාගත්තා ගේ ඇතුලට, මට ගහන්ඩ ඕනෙ අයිෂෙ මඩු වල්ගෙන් ඔය මනුස්සය හමුදාපති විදිහට පත් කළාට “. මේ ගෝටාබය නිතර කියන සින්දුවක කොටසකි. එපමනක් නොව මාගල් මෙන් පොත් ලියමින් ගෝටා අපට කියන්නේ යුද්ධය කෙළේ තමන් බවය. යුව රජා නමින් සින්දුවක් හදා කීවේ ද යුද්ධය කෙළේ තමන් බවය.

කතා බහේ දී පවා අත පය රවුම් කරමින් අවධාරනය කරන්නේ යුද්ධය කෙළේ තමා බවය . මේ නිසා ගෝටාගේ යුද ඉතිහාසය පිලිබඳ හරි අවබෝධයක් ලබා ගැනීම කාට කාටත් වැදගත්ය.

ගෝටාස් වෝර් පළමු අවධිය 1983 – 91

ලුතිනන් වාස් ගුණවර්ධන මරණයට පත් කරමින් උතුරේ ගරිල්ලා සටන තීරණාත්මක ලෙස ආරම්භ වන්නේ 1983 වසරේදී ය. මෙම කාලයේ ඉන්දියාවේ අනුග්‍රහය යටතේ දෙමළ සන්නද්ධ කල්ලි ගණනාවක් ක්‍රියාත්මක විය. ප්ලොට්, ඊරෝස් , ඊපීආර්එල්එෆ්, ඊපීඩීපී, ටෙලෝ, එල්ටීටීඊ වැනි සංවිධාන ඒ අතර ප්‍රමුඛ විය. ඔවුන්ගේ ගිනි බලය ටී-56, එල්.එම්.ජී, ලෝකල් බිම් බෝම්බ, ආර්.පී.ජී වැනි සාමාන්‍ය ආයුධ කිහිපයකට සීමා විය. 1987 වසරේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේය. ඒ අනුව ඉන්දියන් සාම සාධක හමුදාව මෙරටට පැමිණුනි . 1990 තෙක් ඔවුන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය. 1987 -90 කාලය තුල උතුරු නැගෙනහිර ආරක්ෂාව භාර වූයේ ඔවුන්ට ය. එල්ටීටීඊය ඔවුන් සමග ද යුද වැදීමට තීරණය කිරීමෙන් පසු යුද්ධ කෙළේ ඔවුන් ය.

1987 – 90 කාලයේ ජ.වි.පෙ දෙවන කැ‍රැල්ල ක්‍රියාත්මක විය. ඒ අනුව උතුර ඉන්දියන් හමුදාවටත්, දකුණ ලංකාවේ හමුදාවටත් බාර විය. දකුණේ ගමක් ගමක් පාසා හමුදා කඳවුරු බිහි විය. 87-90 කාලයේ ගෝටාබයද මාතලේ ඇතුලු කඳවුරු ගණනාවක සේවය කළේය. ජේ.වී.පී මර්දනයට ගෝටා කළ සේවය කොතෙක්ද යත් මාතලේ ගෝටාගේ කඳවුරට අල්ලපු වැටෙන් සමූහ මිනී වලක් මතු විය. ජේ.වී.පී භීෂණ සමයේ ගෝටාබය කළ තවත් වික්‍රමයක් හමුදාව තුල ප්‍රචලිතය. ඒ කාලයේ ප්‍රේමදාස රජයට එරෙහිව මහින්ද රාජපක්ෂ ජිනීවා මානව හිමිකම් සමුලුවකට ගියේය. රජයේ හමුදාව බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරන බවට පැමිණිලි කළේය. සිය චෝදනා ඔප්පු කිරීමට ඡායාරූප සිය ගණනක් ඉදිරි පත් කළේය. එම ඡායා රූප බොහොමයක් ගෝටාබය අයියාට ලබා දුන් ඒවා විය. එකල එය රණවිරුවන් පාවා දීමක් වූයේ නැත.

ගෝටාබය කෙතරම් කයිවාරු ගැසුවද ගණන් ඉලක්කම් සමග බොරු කළ නොහැකිය. ඔහු යුද්ධ කළා යයි කියන කාලයේ පැවතියේ අවිධිමත් සන්නද්ධ අරගලයකි. සතුරාට කාල තුවක්කු නොතිබිණි, යුධ ටැංකි නොතිබිණි. මිසයිල නොතිබිණි. නාවික බල ඝනයක්, ගුවන් හමුදාවක් නොතිබිණි. මරාගෙන මැරෙන එකා දෙන්නා සිටියත් ඒකකයක් නොතිබිණි, බුද්ධි අංශයක් නොතිබිණි. අවි ප්‍රවාහනයට නැව් නොතිබිණි. ගෝටාගේ සමයේ ක්‍රියාත්මක වූයේ සිල්ලර අවි වලින් සන්නද්ධ වූ ත්‍රස්ත කල්ලි කිහිපයකි. ඔවුනොවුන් මරා ගැනීමම සුලබ දසුනක් විය. ගෝටාගේ කාලයේ පැවතියේ ‘සූපිං ගරිල්ලා‘ සටනක් මිස යුද්ධයක්ද නොවේ. අනෙක් සංවිධාන පරයා එල්.ටී.ටී.ඊ සංවිධානය නැගී සිටින්නේ 90 දශකයේය. එම කාලයේදී ගෝටා යුධ බිමේ සිටියේ වසරක් පමනි.

1991 වසරේ නොවැම්බර් මස පලමු වැනි දින සෞඛ්‍යය හේතු දක්වා ගෝටාබය විශ්‍රාම ගත්තේය. සෞඛ්‍ය හේතු ලෙස කීවේද මානසික ආබාධයක් තිබෙන බවකි. මේ අනුව ගෝටා යුද්ධයට දායක වූ කාලය ගණන් බැලිය හැකිය. යුද්ධය 83 ජූලි ආරම්භ වන අතර 87 ජූලි මසදී විරාමයක් ලබයි (83-87=4) . 1990 වසරෙ ඉන්දීය හමුදාව පිටව යන අතර යලිත් යුද්ධය ආරම්භ වෙයි . 1990-91 අතර වසරක කාලයක් ගෝටාබය යලි යුධ බිමේ සිටියි . ඒ අනුව ගෝටා උතුරේ යුද්ධයට දායක වූ මුලු කාලය වසර 5 ක් පමනි. මේ අතර තුරද සැලකිය යුතු කාලයක් සාමකාමී ප්‍රදේශ වල ගත කළේය. මෙහෙයුම් වලට සක්‍රීයව දායක වූ කාලය ඉතා අල්පය. ඒවායෙනුත් බොහොමයක ‘බුල කෙලා‘ තිබුනි. ‘කෙලූ බුල‘ පිලිබඳ ලිඛිත වාර්තා ඔහුගේ පෞද්ගලික ලිපි ගොනුවට ඇතුල් කර තිබුනි. නමුත් අද ආරක්ෂක අමාත්‍යංශයේ ඇති ගෝටාගේ පෞද්ගලික ලිපි ගොනුව ඔරිජිනල් එකක් නොව එඩිට් කළ එකකි. මානසික ආබාධයකට කියා විශ්‍රාම ගත් ලිපිය එහෙම දැන් එහි නැත.

ගෝටාබය ජනපති අතින් ආර්.එස්.පී සහ ආර්.ඩබ්.පී පදක්කම් ලබා ඇත. දිවි පරදුවෙන් සතුරාට ලය දුන් විරුවන් හමුදාව තුල නොමැත්තේ නොවේ. සංග්‍රාමික පදක්කමක් සඳහා මූලික නිර්දේශය ඉදිරිපත් කරන්නේ කඳවුරු අණ දෙන නිලධාරියා තුලිනි. දෙවැනුව අණදෙන රේඛාව හරහා ආරක්ෂක අමාත්‍යශංයට ලඟා වෙයි. සංග්‍රාමික පදක්කම ජනපති විසින් පිරිනැමුවද ඔහු ඒ පිලිබඳ හාංකවිසියක් නොදනී. ජනපති රබර් මුද්‍රාවක් පමණි. කඳවුරු අණදෙන නිලධාරියාගේ කොළඹ නිවසට බුරුත ගස් කැපීමට ගොස් තුවාල ලැබූ අයෙකුට සංග්‍රාමික පදක්කමක් පිරිනැමූ අවස්ථාවක් මා සියැසින් දැක ඇත. ගස් කැපීමට ගොස් තුවාල වූ හමුදා සාමාජිකයාට කොටි ගැහුවා යයි කියා අණදෙන නිලධාරියා වාර්තාව සකස් කර තිබුනි. ආර්.එස්.පී සහ ආර්.ඩබ්.පී විවාදාත්මක වූ අවස්ථා එමටය.

ගෝටාස් වෝර් දෙවන අදියර 2005-2009

ගෝටාබය ආරක්ෂක ලේකම් ධූරයට පත්වන්නේ 2005 වසරේදීය. ඒ අනුව ගෝටාගේ යුද්ධයේ දෙවන අදියර 2005-2009 කාලය තුල විහිද යයි. 2006 අප්‍රියෙල් 25 සරත් ෆොන්සේකා බෝම්බ ප්‍රහාරයට ලක්වන අතර, යලි සේවයට පැමිණෙන්නේ 2006 ජූලි මස 12 දිනය. ෆොන්සේකා ඇඳ උඩ සිටියදී ගෝටාබය යුධ පෙරමුනට නායකත්වය දෙන්නේ මෙකල්හි ය. එම කාලය මාස දෙක හමාරක් තුනක් පමන වෙයි. මෙම කාලය තුල ගෝටාබයගේ අණින් ක්‍රියාත්මක වූ පූනානි මෙහෙයුම අමතක කළ නොහැකිය. එම කාලයේදී 23 වන සේනාංකාධිපතිව සිටි දයා රත්නායක මහතා හදිසි අනතුරකින් රෝහල්ගතව සිටි අතර තනතුරේ වැඩ බලන ලද්දේ කර්නල් එම්. ජයවර්ධනය.

පූනානි ප්‍රදේශයේ කොටි කඳවුරක් ඇති බවට තමාට තොරතුර ඇති බව ගෝටාබයට වාර්තා කළේ කර්නල් ජයවර්ධන ය. ගෝටාබයගේ උපදෙස වූයේ ට්‍රක් රථ දෙකකින් හමුදා පිරිස් ගෙන ගොස් මඩකළපුව – පොළෙන්නරුව මාර්ගයේ 43 සැතපුම් කනුව අසල බස්සවා හිමිදිරියේම ‘ඇඩ්වාන්ස්‘ කරන ලෙසය. එහිදී භූමියේ තත්වය පිලිබඳව කර්නල් ජයවර්ධන, ගෝටාබය ට විස්තරයක් කළේය. හිමිදිරියේ ‘ඇඩ්වාන්ස්‘ කිරීම අනතුරු දායක බව පෙන්වා දුන්නේය. කර්නල් ජයවර්ධන වෙත බැණු වැදුණු ගෝඨාභය කීවේ ”තමන් ග්‍රවුන්ඩ් එක හොඳින් දන්නා බවය”. පසලොස් වසරකට පෙර ගෝඨාභය දැන සිටි ‘ග්‍රවුන්ඩ් සිටුවේෂන්‘ එක අනුව ගෝටාබයට පින්සිදු වන්නට ක්‍රියාන්විතයේ යෙදුණු හමුදාවේ සෙබලු 28 දෙනෙකු මිය ගිය අතර 4 දෙනෙකු අද දක්වාම අතුරුදහන් ය.

එල්.ටී.ටී.ඊ ය විසින් 2006 ජූලි 26 දින මාවිල්ආරු සොරොව්ව වසා දැමිණ. ෆොන්සේකා ඇඳේ සිටියදී ගෝටාබය අණ දුන් මෙහෙයුම් අතර සුප්‍රකට මාවිල්ආරුව ද අමතක කළ නොහැකිය. මෙම කාලය තුල මාවිල්ආරු ප්‍රදේශය භාරව සිටියේ බ්‍රිගේඩියර් මෙන්දක සමරසිංහ ය. මෙන්දක ගෝටාබයට ‘ග්‍රවුන්ඩ් සි‍ටුවේෂන්‘ කියාදීමට ගියේ නැත. ගෝටාබය කියන විදිහටම යුද්ධ කළේය. නමුත් මාවිල්ආරුව විවෘත කර ගැනීමට ගෝටාබයගේ අණ යටතේ වූ ක්‍රියාත්මක වූ සීමිත මෙහෙයුම් 12 ක් සම්පූර්ණයෙන්ම අසාර්ථක විය. මැරුම් කෑ සෙබළුන් ගණන 38 කි. මාවිල්ආරුව විවෘත කර ගත හැකි වූයේ ෆොන්සේකා යලි සේවයට වාර්තා කිරීමෙන් පසුවය. ගෝටාබයගේ යුද සැලසුම් කුණු කූඩයට විසිකළ ෆොන්සේකා යුධ පෙරමුනට සෘජුවම අණ දුන්නේය. ෆොන්සේකාගේ අණ යටතේ ක්‍රියාත්මකවූ ‘ඔපරේෂන් වෝටර් ෂෙඩ්’ මගින් 2006 අගෝස්තු 11 දින මාවිල් ආරු සොරොව්ව විවෘත කෙරිණ.

2005- 2009 යුද්ධය අතර තුර ගෝටාබය යාපනයට ගොස් තිබුනේ සිව් වතාවකි. දෙවතාවක් නැගෙනහිරට ගියේය. මෙම සංචාරයන්ද ඉදිරි ආරක්ෂක වළල්ලට නොව මෙහෙයුම් මූලස්ථාන වලට සීමා වූ ඒවාය.

යුද්ධයට සමගාමීව අවි ආයුධ මිලදී ගැනීම සම්බන්ධව ගෝටා තනි අතේ ගේමක් ගැසුවේය. ලංකා ලොජිස්ටික් යනු ඔහු ඇටවූ වෙස්මුහුනකි . යුද්ධය අවසානයේ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට කොළඹින් දුන් ඉඩම් හුදු සේවය ඇගයීමක් නොව අල්ලසකි. හමුදා මුලස්ථානයට එල්ල වූ ප්‍රහාරය සමබන්ධව ගෝටා කියන කථාව හරසුන්ය. ලොව හමුදා මූලස්ථාන හමුදාපතිවරුන් සමගම ප්‍රහාරයට ලක් වූ අවස්ථා ඉතිහාසයේ එමටය. කොටින්ම ඇමරිකාවේ පෙන්ටගනයට පවා ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කෙළේය. කෙසේ වුවද හමුදා මූලස්ථානය ආරක්ෂා කර ගැනීමට නොහැකි වුනි යයි ෆොන්සේකාට චෝදනා කරන ගෝටා අවසානයේ එකී කොළඹ පිහිටි හමුදා මූලස්ථානයම පිට රටකට විකුණා දැමුවේය. අදත් හමුදාව තැන තැන නන්නත්තාරව සිටින්නේ ය.

යුධ නිමාවත් සමගම මිලිටරියට අමතරව ගෝටා සිවිල් සේවයට පිවිසෙන අතර එම කතාව මීලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න

උපුටා ගැනීම –  Lanka Leaks

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *