කිරිපිටි මිල ඉහළ දැමීමට අනුමැතිය

කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 80 කින් වැඩි කිරීම සඳහා ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමි වී තිබේ.

කිරිපිටි ආනයනය කර බෙදා හරින සමාගම් පාරිභෝගික අධිකාරියෙන් අවසර ඉල්ලා සිටියේ, ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙරට කිරිපිටි මිල වැඩි කරන ලෙසටයි.

ඒ අනුව මේ ඉල්ලීම පාරිභෝගික අධිකාරිය ජීවන වියදම් කමිටුවට ඉදිරිපත් කරනු ලැබුණු අතර මේ සම්බන්ධයෙන් වන තීරණය පෙරේදා (23) පාරිභෝගික අධිකාරියට ලැබිණි.

පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩී. ජීවානන්ද සඳහන් කරන්නේ, ළදරු කිරිපිටි හැර අනෙකුත් සියලූම කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 80 කින් වැඩි කිරීමටයි ජීවන වියදම් කම්ටුව මෙහිදී අනුමැතිය ලබා දුන් බවයි.

ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරි සතිය තුළ නිකුත් කිරීමට හැකි වනු ඇති.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.