බේරුවලදී වලාන දූෂණ මර්දන නිලධාරීන්ට කාමරයක් තුළ සිරකර පහර දෙයි (Video)

බේරුවල බාපද්දාකඩේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී දුම්වැටි අලෙවිකරන ස්ථානයක් වැටලීමට ගිය වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ප්‍රදේශවාසීන් පහරදී තිබේ. එහිදී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු රෝහල්ගත කළ බව පොලීසිය පැවසුවේය.

බේරුවල බාපද්දාකඩේ ප්‍රදේශයේ වෙළඳ සැලක නීති විරෝධී දුම්වැටි අලෙවිකරන බවට ලද තොරතුරකට අනුව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් වැටලීම සඳහා එහි ගොස් තිබේ.

එහිදී අදාල වෙළඳ සැලෙන් පළමුව නීති විරෝධී දුම්වැටි මිලදී ගත් එම ඒකකයේ නිලධාරීන් විසින් පසුව වෙළඳ සැලේ හිමිකරුගේ නිවස වැටලීම සඳහා ගොස් ඇත්තේ එහි නීති විරෝධී දුම්වැටි තොගයක් සඟවා ඇති බවට ලද තොරතුරකට අනුවයි.

එම අවස්ථාවේදී නිවස වැටලීම සඳහා වෙළඳ සැලේ හිමිකරු කටයුතු කළද පසුව ප්‍රදේශවාසීන් පිරිසක් සමඟ පැමිණ පොලිස් නිලධාරීන් නිවසේ කාමරයක් තුළ සිර කර පහරදීමක් සිදු කර තිබේ.

එහිදී පොලිස් පොලිස් නිලධාරීන්ගේ හැඳුනුම්පත් ද අදාල නිවෙස් හිමියා විසින් පහර දී උදුරාගෙන ඇති අතර අනතුරුව බේරුවල පොලීසියේ නිලධාරීන් විසින් වලාන දූෂණ මර්ධන ප්‍රහාර ඒකකයේ නිලධාරීන් මුදාගෙන තිබේ.

මෙහිදී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව පොලීසිය පැවසුවේය.

එම අවස්ථාවේදී පහර දීම සිදුකළ අදාල වෙළඳසැලේ හිමිකරු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අප්‍රේල් මස 06වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

-අද දෙරණ-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *