චණ්ඩි මල්ලීගේ මැර පුතාට සහ චණ්ඩි ගෑනිට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයිද..? බස් රථ රියදුරුට යුක්තිය ඉටුවෙයිද..?

තලංගම කොස්‌වත්ත හංදියේදී මාර්ග අංක 177 කොල්ලුපිටිය කඩුවෙල සුඛෝපභෝගී පෞද්ගලික බස්‌ රථයක රියෑදුරකුට බිම දමාගෙන පිස්‌තෝලයකින් හා අතින් පයින් පහර දුන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් නමැත්තා සහ ඔහුගේ බිරිඳ පෙරේදා (9 දා) උදේ 11.30 ට පමණ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා කොළඹදී ඝාතනයට ලක්‌වූ දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු වූ ‘චණ්‌ඩි මල්ලි’ නමින් හැඳින්වූ අයගේ පුත්‍රයා බව ද පොලිසිය කියයි.

පහර කෑමෙන් තුවාල ලැබූ බස්‌රථ රියෑදුරා මුල්ලේරියාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

කඩුවෙල දෙස සිට කොල්ලුපිටිය බලා ධාවනය වූ මෙම සුඛෝපභෝගී බස්‌ රථය තලංගම කොස්‌වත්ත හන්දියේ මාර්ගය අවහිර වන අන්දමින් නවතා මගීන් නන්වා ගනිමින් සිට ඇත. මේ අවස්‌ථාවේ ඊට පිටුපසින් ජීප් රථයකින් පැමිණි මන්ත්‍රීවරයා සිය ජීප් රථයේ නලාව නාද කර ඇතත් මෙහිදී බස්‌ රථය අයින්කර නොගැනීම නිසා උරණ වී තිබේ. එහිදී මන්ත්‍රීවරයා සහ බිරිඳ ජීප් රථයෙන් බැසවිත් බස්‌ රථයේ රියෑදුරාට බැණවදිමින් ඔහුව බස්‌සවාගෙන තිබේ. එහිදී දෙදෙනා අතර බහින්බස්‌වීමක්‌ ඇති වී තිබෙන අතර අනතුරුව මන්ත්‍රීවරයා බස්‌ රථයේ රියෑදුරුට බිම පෙරළාගෙන පහර දෙද්දී ඔහුගේ බිරිඳ පිස්‌තෝලය ගෙන රියෑදුරුගේ හිසට පහරදී තිබේ. ඒ අවස්‌ථාවේදී බස්‌ රථයේ සිටි මගීන් පොලිසියට දුරකථන ඇමතුමක්‌ ලබාදී ඇති අතර වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම ස්‌ථානයට පැමිණ සැකකාර පළාත් සභා මන්ත්‍රීවරයා සහ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පහර දීමේ සිද්ධිය බස්‌ රථයේ සිටි මගියකු විසින් ද වීඩියෝ කර ඇති අතර එම දර්ශන ද පොලිසියට භාරදී තිබේ.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ චෝදනාව මත දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ 13 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *