අගමැතිට එරෙහි විශ්වාසභංගය ක්‍රියාත්මක වෙයිද..?

පළාත් පාලන මැතිවරණය පරාජයට පත්වීමෙන් පසු තනතුරෙන් ඉවත් වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ජනාධිපතිවරයා කළ ඉල්ලීම අගමැතිවරයා ප්‍රතික්‍ෂේප කළද දැන් විශ්වාසභංගය හරහා ඔහු ඉවත් කිරීමට ජනපතිවරයාට හොඳ අවස්‌ථාවක්‌ ලැබී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී.එල්. පීරිස්‌ මහතා පැවසීය.

ජනාධිපතිවරයාගේ ඒ මැදිහත් වීම ඒකාබද්ධ විපක්‍ෂය බලාපොරොත්තු වන බවද කී ඒ මහතා තම වගකීම ඉටු කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ කණ්‌ඩායම එක්‌ ස්‌ථාවරයකට ගෙන ආවොත් විශ්වාසභංගය ජයගත හැකිවනු ඇතැයිද අවධාරණය කළේය.

කොළඹදී ඊයේ (19) ඒකාබද්ධ විපක්‍ෂයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා එසේ ශ්‍රීලනිප කණ්‌ඩායම එක්‌ ස්‌ථාවරයකට ගතහොත් ඒකාබද්ධ විපක්‍ෂයේ කණ්‌ඩායමද සමග මන්ත්‍රිවරුන් 96 ක්‌ විශ්වාසභංගයට පක්‍ෂව එක්‌වන බවද කී ජී.එල්. පීරිස්‌ මහතා එය මන්ත්‍රිවරුන් 113 දක්‌වා ඉහළ නංවා ගැනීමට අපහසු නැති බවද පෙන්වා දුන්නේය.

පළාත් පාලන මැතිවරණයෙන් පසු අගමැතිවරයා ව්‍යවස්‌ථවේ කරුණු දක්‌වා ඉවත් නොවී සිටියදී ශ්‍රේෂ්ඨාධිකරණය විමසීමට ජනාධිපතිවරයාට හැකියාව තිබුණද එසේ නොකළ බවද කී ඒ මහතා, එසේ වුවද දැන් අවශ්‍ය මැදිහත්වීම කිරීමට අවස්‌ථාවක්‌ ලැබී ඇතැයිද වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්වලට පිළිතුරු දුන් ජී. එල්. පීරිස්‌ මහතා රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසභංගයෙන් පරාජය වුවහොත් මීළඟ අගමැතිවරයා තේරීම බහුතරයේ බලය අනුව ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇතැයිද කී අතර මීළඟ අගමැතිවරයා එක්‌සත් ජාතික පක්‍ෂයෙන් පත්වේද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් පත්වේද යන්න පිළිබඳ අදහසක්‌ පළ කළ නොහැකි බවද කීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

1 Comment

  1. හොඳ තර්කය. ඒත් ඒ කාලේ රජයේ නඩු ඔක්කොම පරාදයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *