හදිසි අවස්ථාවක් රට තුළ ප්‍රකාශයට පත්කිරීමත් සමඟම ඒ යටතේ දක්වා ඇති වැරදි සඳහා ජීවිතාන්තය දක්වා හෝ නැතහොත් වසර 20 ක් දක්වා වූ දෙආකාරයකින් බන්ධනාගාර ගතකිරීමේ දඬුවම් පෙන්වා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පෙන්වා දෙයි. එසේම හදිසි නීතිය යටතේ සිදුකරන ලද වරදකදී අත්අඩංගුවට ගැනීමේ බලය පොලිස් නිලධාරීන්ට අමතරව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට ද පවරා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. පොලිසිය හෝ ත්‍රිවිධ හමුදාව මෙසේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පැය 24 ක් ඇතුළත හැකි ඉක්මනින් අදාළ මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ඊයේ (06) රාත්‍රී ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එසේ පැවසීය.
හදිසි අවස්ථා ප්‍රකාශ කිරීමත් සමඟ ජනාධිපතිවරයා නියෝග මාලාවක් පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට නිකුත් කර තිබෙන අතර, ඒවානම් වහාම ක්‍රියායත්මක වන පරිදි රටේ ඇතැම් ප්‍රදේශවල උද්ගතව ඇති සාපරාධී වාතාවරණය සමනය කිරීමට පියවර ගැනීම සේම එම හදිසි අවස්ථා රෙගුලාසි සාමාකාමී මහජනතාවගේ ජනජීවිතයට අවම බාධාවක් වන පරිද්දෙන් හා සියලු පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන පරද්දේන් ක්‍රියා කිරීම, ආදිය පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා මේ යටතේ වු සාපාරාධි ක්‍රියා කරන තැනැත්තන්ගේ ජාතිය, තරාතිරම, දේශපාලන පක්ෂපාතීත්වය මේ කිසිවක් ගැන අවධානයක් යොමු නොකර නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම ආදී ලෙස මේ තත්ත්වයන් දක්වා තිබෙන බව අවධාරණය කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ පැවසූවේ ඊයේ (06) කොළඹ ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මේ පවතින ආරක්ෂක වාතාවරණය රජය විසින් වරින් වර ඉතා ඕනෑකමින් නිරීක්ෂණය කර ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත වු සැනින් මේ හදිසි අවස්ථාව ඉවත් කිරීමට කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් මෙය දින හතකට ප්‍රකාශයට පත් කර ඇත. මේ මාධ්‍ය සාකච්ඡාව සඳහා ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශවරුන් ද එක්ව සිටියහ.