ජනාධිපතිවරයා ඇතුළු බහුතරයකගේ විරෝධය මැද මේ වන විට අග්‍රාමාත්‍යධුරයේ බලහත්කාරයෙන් රැඳී සිටින රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට(06) කථානායකවරයාට භාර දෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.
විශ්වාසභංගය පරාජය කරවීම සඳහා මේවන විට දෙමළ ඩයස්‌පෝරාවෙන් එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන්ට ලක්‍ෂ 350 ට වැඩි ලන්සු ලැබෙමින් පවතින බවද හෙතෙම කීය.
දෙමළ ඩයස්‌පෝරාවට රනිල් වික්‍රමසිංහව අගමැති ධුරයේ තබාගැනීමට අවශ්‍ය වී ඇතැයිද ඒ බෙදුම්වාදී ව්‍යවස්‌ථාව රනිල් ලවා සම්මත කරගැනීමට යෑයිද හෙතෙම කියා සිටියේය.
කඩුවෙලදී ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කළ ජනහමුවකදී වීරවංශ මහතා මේ බව කීය.
රටට රුපියල් බිලියන ගණනක් අහිමි කළ මහ බැංකු බැඳුම්කර කොල්ලයේ මහ හොරා නොහොත් මහ මොළකරුවා වන්නේද කුප්‍රකට රනිල් වික්‍රමසිංහ බව දැන් ප්‍රසිද්ධ රහසකි.