යුද්ධයට බයේ පලාගිය ගෝඨා හිරේ යන්න බයේ ගත්ත තහනම් නියෝගය තවත් ඇඳෙයි

හමුදා සේවයේ සිටියදී යුද්ධයට බයේ එවක ඇමරිකාවට පලාගිය රාජපක්ෂ රෙජීමයේ ඝාතන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවට සැලකෙන කුප්‍රකට ගෝඨාභය රාජපක්ෂ විසින් පැවති රෙජීම පාලන කාලය තුල සිදුකළ දූෂණ-වංචා-ඝාතන නඩුවලට අදාළව සිරගත කරවීයැ’යි බියෙන් පොදු දේපල පනත යටතේ තමාට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය අද(26) යළිත් වරක් දීර්ඝ කරගැනීමට සමත්ව ඇත.

පොදු දේපල පනත යටතේ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 28 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද(26) නියම කළේය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ගොනුකර තිබූ පෙත්සමක් අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

අනතුරුව පෙත්සම සලකා බැලීම හෙට(27) දින සිදුකරන බවත් තහනම් නියෝගය අනිද්දා දක්වා දිරි කරන බවද අධිකරණය සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් කර තිබෙන්නේ ඉකුත් රජය සමයේ ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන 83 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තමාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පොදු දේපල පනත යටතේ සහතිකයක් ඉදිරිපත් කර ඇති බවයි.

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමේ චේතනාවෙන් පොලිසිය මෙම සහතිකය ඉදිරිපත් කර ඇතැයි සඳහන් කරන ගෝඨාභය රාජපක්ෂ තමාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති බවයි කියා සිටියේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.