කෙළෙහි ගුණයක් නැති ආණ්ඩුව තරුණයන්ගේ ෆේස්‌බුක්‌ ගිණුම් දඩයම් කරනවා- නීතිඥ මෛත්‍රී කියයි

ආණ්‌ඩුව බලයට පත් කිරීමට විශාල සේවයක්‌ කළ සමාජ වෙබ් අඩවි අවහිර කිරීම හාස්‍යජනක වන අතර අර්ජුන් මහේන්ද්‍රන්ගේ හොර බැංකු ගිණුම් සෙවීම පසෙකලා ආණ්‌ඩුව රටේ තරුණ තරුණියන්ගේ සමාජ වෙබ් අඩවි ගිණුම් සොයමින් ඔවුන් දඩයම් කිරීමේ පහත් තත්වයට වැටී ඇතැයිද එක්‌සත් ජාතික නිදහස්‌ පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා 16 වැනිදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රී ගුණරත්න මහතා,

ලංකා ඉතිහාසයේ සිදුවූ විශාලතම මූල්‍ය වංචාවට සම්බන්ධ පුද්ගලයන් නිදැල්ලේ සිටිනවා. ඔවුන් නිදැල්ලේ සිටියදී තරුණ තරුණියන්ගේ ෆේස්‌බුක්‌ ගිණුම් සොයනවා. ආණ්‌ඩුව බලයට පත් වුණේ වංචාවන්ට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා කියා ජනතාවට පොරොන්දු වෙලා. නමුත් ඒ වෙනුවට වුණේ තවත් හොරකම් කිරීම් විතරයි. ඒ හොරුත් රටින් පැන ගිහින්. දැන් ආණ්‌ඩුව බලයට පත් වුණේ ඇයි කියන කාරණාවත් අමතක වෙලා.

සමාජයට තොරතුරු දැන ගැනීමේ අයිතිය, දැනුම බෙදා ගැනීමේ අයිතිය ආණ්‌ඩුව විසින් පසුගිය කාලයේ අවහිර කළා. මේ හේතුවෙන් ආණ්‌ඩුව තරුණ ප්‍රජාවගේ අප්‍රසාදයට ලක්‌ වුණා. ජාතිවාදී ගැටුම් නිසා ආණ්‌ඩුව මේ වාරණය කළේ කියා යම් යම් ඇමැතිවරු කියනවා. ඒකට හේතුව මේ ගැටුම් නෙමෙයි. ආණ්‌ඩුවට සමාජයෙන් එල්ල වන විරෝධය මැඬ පවත්වන්නයි වක්‍රාකාරයෙන් දේවල් කළේ. යුද්ධය කාලයේදීත් සමාජ වෙබ් අඩවි අවහිර කළේ නැහැ. රාජ්‍ය හා පෞද්ගලික ආයතන සියල්ල වැඩ කරන්නේ අන්තර්ජාල සම්බන්ධතා හරහා. ඒ සියල්ල කඩා වැටුණා. සංචාරයන්ගෙන් ද දැඩි විරෝධයක්‌ එල්ල වුණා. ඇතැම් ඇමැතිවරු මේ ගැන කියන කතා හාස්‍යජනකයි. ඒ රටවල් ඒ දේවල් කරන්නේ පුරවැසි අයිතිවාසිකම් සියල්ල ආරක්‍ෂා කරලයි. නමුත් මේ රටේ සියලු කැපවීම් කරන්නේ පුරවැසියන් පමණයි. පාලකයන් කිසිම කැප කිරීමක්‌ කරන්න සූදානම් නැහැ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *