පාර්ලිමේන්තුවේ මදිවට ආණ්ඩුව රට පුරාම සමලිංගිකයෝ බෝ කරන්න සැරසෙන බවට චෝදනා..

මුල් ළමාවිය සංවර්ධනය කිරීමේ මුවාවෙන් වයස අවුරුදු 3 සිට 7 දක්‌වා වූ වයසේ ළමුන් සමලිංගික සේවනයට යොමු කිරීමේ ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක වන බව කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (27) “මහජන රාජ්‍ය සභාව” නාවල රාජගිරියේ පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්‌ථානයේදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමිනි.

එහිදි අදහස් දැක්වූ ධම්මරතන හිමියන් ප්‍රකාශ කලේ,

“මේ රට තුළ ක්‍රියාත්මක ළදරු පාසල් 19,000 ක්‌ සහ තවත් පූර්ව ළමා විය සංවර්ධනය කරන පාසල් 9000 ක්‌ පමණ පදනම් කරගෙන අඳුරු අදහසක්‌ ව්‍යාප්ත කරමින් සිටිනවා. මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට නියාමන ව්‍යාපෘතියක්‌ ලෙස කරනවා. මෙහි අරමුණ වයස අවුරුදු 3 ත් 7 ත් අතර වයසේ ළමුන් සඳහා සමලිංගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තමයි.”

“අපි සෑම පුද්ගලයකු ගැනම සමානව සිතන, සමානව සලකන ජාතියක්‌. අපි කාටවත් වෘත්තිය අනුව, විවිධත්වය අනුව, විෂම ලෙස සැලකුවේ නෑ. එම නිසා මෙම ව්‍යාපාරය නිසා සිද්ධවෙන්නේ නැති ප්‍රශ්නයක්‌ ඇතිවීම පමණයි. අපි දන්නවා යුද්ධය පැවැති සමයේදී යුද්ධයට උපකාරී වන ලෙස සාම වැඩසටහන් පැවැත්වූ ආකාරය. ඒ ආකාරයටම මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ අපගේ සංස්‌කෘතියට පහරදීම සඳහායි. එම නිසා දරු පවුල් ආරක්‍ෂා කර ගනිමින් ජීවත් වූ අය විනාශ වෙනවා.”

“අද වන විට සමලිංගික අය පාර්ලිමේන්තුවේ සිටිනවා. මෙම වැඩපිළිවෙළ හරහා සමලිංගිකයන් රට පුරාම ප්‍රචාරය කරනවා. ඒ වගේම ප්‍රායෝගික පුහුණුව ලබාදීම සඳහාත් කටයුතු කරනවා. ඒ හරහා ජාතිකත්වය විනාශ කිරීමට කටයුතු කරනවා. මේ වගේ දේ කරන්නේ මේ රටේ වෙන ප්‍රශ්න නැතුවද? ඒ වගේම මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුවෙන් අහලද?”

“මේ ආකාරයට අසාමාන්‍ය ප්‍රජාවක්‌ ඇති කිරීම සඳහා තමන්ගේ ළමයින් දෙනවාද යන්න දෙමවුපියන් තීරණය කළ යුතුයි. මෙම කටයුතු ඉවසා වැදැරීම සඳහා තව කොපමණ කාලයක්‌ ගන්නවාද?”

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.