හිමිදිරි පාන්දර අතුරුගිරියේදී තවත් වෙඩි තැබීමක්

අතුරුගිරිය පොලිස් වසමට අයත් මාලඹේ, ජෝතිපාල මාවතේ නිවසකට අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ජෝතිපාල මාවතේ 14 වන පටුමගේ නිවසකට අද(26) අලුයම 2.40ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත.

ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර අදාළ නිවසේ ජනෙල්වලට හා බිත්තිවලට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබේ. වෙඩි තැබීම සඳහා ටී-56 ගිනි අවියක් භාවිතා කර ඇති බවත් පොලීසිය පවසයි.

අතුරුගිරිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.