යුද්ධයට බයේ රට පැන්න ගෝඨා, හිරේ යන්න බයට දාපු නඩුව යළි යළිත් ඇඳෙයි (විශේෂ)

හමුදා සේවයේ සිටියදී යුද්ධයට බයේ එවක ඇමරිකාවට පලාගිය රාජපක්ෂ රෙජීමයේ ඝාතන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවට සැලකෙන කුප්‍රකට ගෝඨාභය රාජපක්ෂ විසින් පැවති රෙජීම පාලන කාලය තුල සිදුකළ දූෂණ-වංචා-ඝාතන නඩුවලට අදාළව සිරගත කරවීයැ’යි බියෙන් පොදු දේපල පනත යටතේ තමාට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ඊයේ(27) යළිත් වරක් දීර්ඝ කරගැනීමට සමත්ව ඇත.

වීරකැටිය, මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරක ඉදිකිරීමට ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුදල් යොදා ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂකලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම වළකමින් නිකුත් කැර ඇති අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න පිළිබඳ සිය තීන්දුව අප්‍රේල් මස 05 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (27) තීරණය කෙළේය.

අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමට පක්ෂව සහ විපක්ෂව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මේ බව ප්‍රකාශ කෙළේය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න යන අය ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී.

පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීම රජය දේශපාලන පළිගැනීම සඳහා ඔවුන්ගේ රෙජීමබලයට අභියෝග කළ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව බලහත්කාරයෙන් කුදලාගෙන විත් ඔහුට එරෙහිව ව්‍යාජ සුදුකොඩි නඩුවක් පටලවා, එය කිසිඳු වග විභාගයකින් තොරව දිනපතා අද අධිකරණයට කැඳවමින් නඩු අසා ප්‍රජා අයිතියද අහෝසි කොට හිරේ දැම්මේය.

එම කෲර පලිගැනීම පිටුපස සිටියේ මෙම මිනීමරු ලේ පිපාසිත පිසාචයෙකු වූ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් මිනීමරු ගෝඨාය. අද එම මිනීමරු ගෝඨා අවිජාවාරම්, මත්කුඩු ජාවාරම්, ඇතුළු අනුන්ගේ ව්‍යාපාර කොල්ල කා උපයාගත් කළු සල්ලි සුදු කරමින් හිරේ යෑමට වන බිය තුරන් කරගැනීම වෙනුවෙන් කූට සැලැස්මක නිරතවේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.