ජාතිවාදයට මුවා වී සමාජ ජාල අවහිර කරමින් අනාගත අනතුරකට අත වනන පාලකයින්ගේ ක්‍රියාකලාපයට එරෙහිව ලංකාවේ ක්‍රියාත්මක ප්‍රබල වෙබ් අඩවි රැසක මෙන්ම සමාජ ජාලා බ්ලොග් අඩවි රැසක හිමිකාරිත්වය දරන පිරිසකගෙන් සමන්විත වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ ප්‍රථම විධායක සභාව ඊයේ(18) කොළඹදි රැස්විය.
කවර ආණ්ඩුවක හෝ කවර කණ්ඩායමක මර්දණයට මුහුණ දිම සදහා වෙබ් සහ සමාජ ජාලා සම්බන්ධයෙන් මාධ්‍යකරුවන් කිහිපදෙනෙකු අතර වූ එකමුතුවකින් “වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය” නමින් මූලික එකමුතුවක් සකසා ගැනිමට කටයුතු කර තිබේ.
පසුගියදා අත්හදා බැලිමක් ලෙස සමාජ ජාලා අවහිර කල වත්මන් යහපාලන ඉදිරියේදි එම තත්ත්වය බරපතල ලෙස ක්‍රියාත්මක කරමින් වෙබ්, සමාජ ජාලා, බ්ලොග් අවහිර කිරිමට කටයුතු කිරිමට මේ වන විටත් පිඹුරුපත් සකස් කරමින් සිටින බැවින් ඊට එරෙහිව ශක්තිමත්ව මුහුණ දී එය පරාජය කිරිම වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ පලමු අරමුණ වි ඇත.
පසුගියදා ජාතිවාදයට මුවාවෙන් සමාජ ජාල අවහිර කරමින් වත්මන් ආණ්ඩුව කල අත්හදා බැලිම සම්බන්ධයෙන් සහ ඒ ඔස්සේ ගොඩනැගෙන අනතුර සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර වෙබ් සහ සමාජ ජාලා ක්‍රියාකාරින් දඩමීමා කරගනිමින් විවිධ සංවිධාන බිහිකරමින් ඒ හරහා විවිධ වරප්‍රසාද ලබන කණ්ඩායම් පිළිබඳවද දැඩි ලෙස එහිදි විවේචනයට ලක්ව තිබේ.