එක්සත් ජාතික පක්ෂය සුරකින්න අළුත් කැරැල්ලක් බිහිවෙයි! (Video)

එක්සත් ජාතික පක්ෂයේ පවතින අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් එහි නායකත්වය ඇතුළු අභ්‍යන්තර තනතුරු වෙනස් කරන ලෙස ඉල්ලා “එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධාන එකමුතුව” ලෙසින් අලුත් සංවිධානයක් බිහි වී ඇත.

ඊයේ (21) එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධාන එකමුතුවේ සාමාජිකයින් පිරිසක් මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදුටුවේය.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධායේ සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා සඳහන් කර සිටියේ රට ඉදිරියට ගෙනයාමට හැකි නායයෙකුට රට බාර දෙන ලෙස තමන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තවත් ස්ථාන දෙකකදී අදහස් පළවිය.

අග්‍රාමාත්‍යවරයා ධූරයට පත්වීමෙන් පසු අවුරුද්දක කාලයක සිට එතුමන් හමුවීමට තමන්ට තවමත් අවස්ථාව නොලැබී ඇති බව එක්සත් ජාතික පක්ෂ පානදුර ප්‍රධාන සංවිධායක නන්දන ගුණතිලක මහතා පවසයි.

ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මහාමාර්ග අමාත්‍යංශයේ සිටින කාලයේදී එතුමන් හමුවීමට ගිය අවස්ථාවන්හීදී රාජකාරී කටයුතු සිදු කර ගැනීමට එතුමාගේ දියණිය සම්බන්ධ කර අපව මගහැර යන බවත් එතුමන් වැඩිදුරටත් පැවසීය.

තවත් ස්ථානයකදී අදහස් දැක්වූ අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර සිටියේ පක්ෂයේ පරාජයට වගකිවයුතු බොහෝ පිරිසක් සිටින බවයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *