ඥානසාර හිමි ජනපතිගේ දූතයෙකු නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජපන් සංචාරය සඳහා මේ වන අධිකරණයෙන් වරෙන්තු නිකුත් කොට ඇති ඥානසාර හිමියන් ජනාධිපතිවරයාගේ දූතයෙකු ලෙස සම්බන්ධ වූ බවට සමාජජාල මාධ්‍ය ඔස්සේ යන ප්‍රචාරය අසත්‍ය එකක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනය මෙසේය.

-උපුටා ගැනීම-

“ජනාධිපතිතුමාගේ ජපාන රාජ්‍ය සංචාරයට අදාළව ජනාධිපතිතුමා සමග ජපානයට ගිය ශ්‍රී ලංකා දූත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ද එක්ව සිටි බව පවසමින් මේ දිනවල සමාජ මාධ්‍ය ජාල හා වෙඩ් අඩවිවල පළවන ප්‍රවෘත්ති, කිසිදු සත්‍යතාවයකින් තොර අසත්‍ය ප්‍රවෘත්ති බව දන්වා සිටිමු.

ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ජනාධිපතිතුමාගේ සංචාරයට පෙර පෞද්ගලික සංචාරයක් සදහා ජපානයට වැඩම කර තිබූ අතර, ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කළ ජනාධිපතිතුමා සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුහද හමුව සදහා ජපාන විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා සමගින් උන්වහන්සේ ද සහභාගී වී ඇත.

එම අවස්ථාවේ දී ලබාගෙන ඇති ඡායාරූප කිහිපයක් භාවිතා කරමින්, ජනාධිපතිතුමාගේ දූත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ එක් වූ බව පවසමින් සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවිවල පළවන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව දන්වා සිටිමු.

ජනාධිපති මාධ්‍ය අංශය
2018-03-16”

-උපුටා ගැනීම අවසන්-

ආශ්‍රිත පුවත්: ජපන් වැඩ්ඩ ඥානසාර හිමිට වරෙන්තු!

[googlepdf url=”http://s.readsrilanka.com/wp-content/uploads/2018/03/Press-Release-03-16.pdf” width=”100%” height=”600″]

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.