රටේ අරාජිකත්වය හමුවේ නීතිය හා සාමය වෙනුවෙන් ජනපතිගේ විශ්වාසනීය තේරීම රංජිත් මද්දුම..?

මේ වන විට මහනුවර ඇතුළු රටේ ප්‍රදේශ කිහිපයක සිදුවන කළකෝලහාල හේතුවෙන් රට පත්ව අරාජිකත්වයෙන් මුදවා ගැනීම වෙනුවෙන් නීතිය හා සාමය අමාත්‍යධුරය සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව පත්කරන ලෙස රජයට පක්ෂපාතී ජනමතයක් නිර්මාණය වී තිබුණද, ඒ වෙනුවට ජනාධිපතිවරයාගේ විශ්වාසනීය තේරීම බවට රංජිත් මද්දුම බණ්ඩාර පත් වෙමින් ඔහුව එම තනතුරට පත්කර ඇත.

මේ අනුව නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (08) පෙරවරුවේ පත් කර තිබේ. ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. මේ අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද එක්ව ඇත.

කෙසේ වෙතත් නීතිය හා සාමය අමාත්‍යධුරය සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත්කරන ලෙසට එක්සත් ජාතික පක්ෂය විසින් ඒකමතිකව යෝජනා කර තිබුණු අතර එය නොසලකා ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවට වාර්තාවේ.

මේ අතර පසුගිය සතියේ ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති මෙන්ම වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අතර රහස් හමුවක් සිදු වූ බවට මෙරට ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණු අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රාජපක්ෂ රෙජීමයේ ප්‍රධානීන් අතර රහස් හමු සහ ගනුදෙනු සිදුවන බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සහ රාජපක්ෂවරුන් අතර සිදුවන මෙම ගනුදෙනු රනිල් අගමැති කමේ නැති නව ශ්‍රීලනිප ආණ්ඩුවක් වෙනුවෙන් වන බවටද වාර්තාවේ.

ආශ්‍රිත පුවත්: නීතිය හා සාමය වෙනුවෙන් ෆීල්ඩ් මාෂල් පත්කිරීමේ තීන්දුව ජනාධිපති අතේ

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *