මේ වන විට අගමැතිධුරයේ රැඳී සිටින රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංගයක් පැවැත්වෙන බැවින් අප්‍රේල් 6 වෙනදා තෙක් සියලුම ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විදේශ ගමන් තහනම් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි.
අප්‍රේල් පලවෙනිදා වන විට ආණ්ඩුපක්ෂයේ විදේශ ගතව සිටින සියලු මන්ත්‍රීවරුන් මෙරටට පැමිණෙන බවත් ඔවුන්ට අප්‍රේල් 2-6 දක්වා විදේශ ගමන් තහනම් බව වැඩිදුරටත් ඒ මහතා සඳහන් කර තිබේ.
අද(27) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මෙලෙස අදහස් දක්වා ඇත.
වැඩිදුරටත් අදහස් දක්වමින් පර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මෙම විශ්වාසභංග යෝජනාව සිංහල අවුරුද්දට කලින් විවාදයට ගනිමු යැයි පැවසුවේ ඔවුන් බවත් ඒකාබද්ධ විපක්ෂයේ අදහස වුයේ මෙම විවාදය සිංහල අවුරුද්දෙන් පසුව ගැනීමට බවත්ය.
ඔවුන් මෙම විශ්වාසභංගය පරාජය කරන බවත් මෙම විශ්වාසභංගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබා දෙන ඇමතිවරුන් සිටිනම් ඔවුන්ද ඉවත් කර අප්‍රේල් 4 සිට නව ගමනක් යන බවත් ඒ මහතා පැවසීය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසන්නේ ඒකාබද්ධයේ අරමුණ වන්නේ මහමැතිවරණයක් ගෙනැවිත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීමේ උවමනාවක් බවත්ය.