අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය ධුරය දරන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (28) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම අමාත්‍යාංශයෙන් ඉවත් කර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට පවරා ඇත.
මහ බැංකුවට අමතරව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවද එම ගැසට් නිවේදනය මගින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරනු ලැබ ඇත.
2018.03.28 දිනැති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අත්සනින් යුත් අංක 2064/26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් මෙසේ මහ බැංකුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව යන ආයතන ජනාධිපතිවරයා විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා තිබේ.
රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවූයේ මහ බැංකුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමැති ධුරය දරන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ තිබියදීය.
මේ නිසා මහ බැකුව අගමැතිවරයාගේ අමාත්‍යාංශයෙන් ඉවත් කරන ලෙසට සමාජයේ බොහෝ පාර්ශවයන්ගෙන් ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත්ව තිබිණි.