හෙට යළිත් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

යළිත් වරක් හෙට (28) දිනයේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.00ට කථානායක කාර්යාලයේදී විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබේ.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව වාර්තා වෙයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කථානායක කරූ ජයසූරිය මහතාට බාර දෙනු ලැබීය.

ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදය ලබන අප්‍රේල් 04 වන දින පැවැත්වීමට පසුගියදා පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණි.

මේ අතර අග්‍රමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව නව ආණ්ඩුවක් පිහිටුවීමේ බලාපොරොත්තුව ද සහිතව ඉදිරිපත් කරන ලද්දක් බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.